Feb
25

” ඇත්තම ආදරයක් තියනවනම් දෙන්නෙක්ගේ වයස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ” චිරන්ත ගුණවර්ධන

 
4352 Views
   
 

චිරන්ත ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ සමීතා මුදුන්කොටුව කියල කියන්නේ මේවෙනකොට ලාංකිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් යුවළක්. ඇත්තෙන්ම ඔවුන් පිළිබඳ මේවෙනකොට මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම නමුත් මොවුන් දෙදෙනා පිළිබඳ සමාජ ජාලා මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වෙනවා. ඊට හේතුව වෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී සමීතා මුදුන්කොටුව මහත්මිය ඇයට වඩා බොහෝ ලෙසින් ලාබාල තරුණයෙකු සමගින් විවාහවීමයි

කෙසේවෙතත් මේවෙද්දී සමීතාගේ පවුලේ සියලුදෙනා ඉතාමත් සතුටින් කාලය ගතකරන බවයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඒ කොහොම උනත් මේ විදිහට සුන්දර ජීවිතයක් ගතකරන ඔවුන්ට විවිධ කතා හදන පිරිසකුත් මෙරට ඉන්නවා. ඔවුන්ට හොඳ ප්‍රතිචාරයන් වගේම වරින් වර විවේචනයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ කොහොම උනත් එලෙස තමන්ට එල්ලවෙන විවේචනයන්‍ට පිළිතුරු ලබා දීමට සමිතා කලබල වෙන්නේ නැහැ

නමුත් මේ ආකාරයට කිසිම හේතුවක් නැතුව තමන්ගේ පවුලේ අයව විවේචනය කරන පිරිසට පිළිතුරු ලබා දීමට සමීතාගේ ආදරණීය සැමියා චිරන්ත කටයුතු කර තිබෙනවා. ඒ වීඩියෝවක් පළකරමින්. ඉතින් ඔහු කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” මම මගේ බිරිඳ ළමයි එක්ක හරිම සතුටින් ආදරෙන් ඉන්නේ. ඉතින් ඇයි ඒක ඇයි මේ විදිහට සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, අවුරුදු එකොළහක් ළමයි දෙන්නට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව ගොඩක් ආදරේ දීලා සමිතා ඒ අයව බලාගත්තා. ගොඩක් දෙනෙක් ඉන්නවා මට මගේ පවුලට බිරිඳට ළමයින්ට ආදරේ කරන. මගේ මොකක්හරි පිනකට සමිතාව ලැබුණු දවසේ ඉඳලා සුළු පිරිසක් අපිට දේවල් කියනවා

සමිතාගේ සහ මගේ වයස පරතරය ගැන සමහරු කතා කියනවා. මමනම් කියන්නේ ඇත්තම ආදරයක් තියනවනම් දෙන්නෙක්ගේ වයස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපි ජනප්‍රිය නිසානේ මෙහෙම රටේම කතාකරන්නේ. ඒත් අපි වගේ වයස් පරතරයක් තියන සැමියා බිරිඳ විදියට ඉන්න කොච්චර අය මේ ලංකාවේ ඉන්නවාද . අපි කාටවත් කර දරයක් කරන්නේ නැහැ උදව් කරන්න පුළුවන් කෙනෙක්ට උදව්වක් කර‍ගෙන ජිවත් වෙනවා. මටවත් සමිතටවත් වයස කියන දේ ප්‍රශ්නයක් වෙලා නෑ වෙන්නත් නැහැ.” කියලයි

ඒ වගේම මේ විදිහට අදහස් දක්වපු ඔහු වැඩිදුරටත් කියා සිටියේ ” අපි එහෙම ආදරයෙන් සතුටින් ජිවිතේ කාලය ගෙවද්දී ඇයි එක සමහරුන්ට මේ විදිහට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සමිතාගේ කොච්චර ලස්සන ගීත තියනවද, කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැහැ. අඩුමගානේ කියපු ගීතයක් වත් අගය කරන්නේ නැති මිනිස්සු මෙහෙම මඩ ගහද්දි මගේ බිරිඳ කොච්චර ඉවසගෙන ඉන්නවද. අපිට බනි න අයගෙන් මම අහන්නේ අපි ඔයාලට කරපු වරද්ද මොකක්ද. මගේ බිරිඳට ඇන්ටි කියනවා ආච්චි කියනවා. මට කියන්න තියෙන්නේ අනුන්ට මඩ ගහන්නේ නැතුව හැමෝම සතුටින් ඉන්න හැමෝම ආදරේ විදින්න කියලා ” යනුවෙනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්