Mar
5

වසංගතයක් මැදින් පිබිදෙන ලංකාවේ සංචාරක ව්‍යාපාරය

 
1428 Views
   
 

යුක්රේන යුද්ධය නිසා ලාංකීය සංචාරක ව්යාපාරයට මහත් පහරක් වැදුනත් මෙරට සංචාරක ව්යාපාරයේ ප්රවර්ධනය උදෙසා ඉතා විශාල වැඩ කොටසක් රජය මගින් දැන් කරගෙන යනවා. සංචාරක ව්යාපාරය නිසාම රටෙි ජීවත්වන මිලියන තුනක පිරිසකගේ අභිවෘද්ධිය වෙනුවෙන් පාසිකුඩා,නුවරඑළිය සඳතැන්න වැනි අතහැර දමා ඇති සංචාරක කලාප පවා දැන් විවෘත කිරීමට අවශ්ය පියවර ගෙන ඇත.

ඇල්ල, උඩවලව,නිලාවෙිලි සහ දකුනු මුහුදු තීරය ආශ්රිත කලාප සංචාරකයන්ගෙන් පිරීයමින් පවතී. අරැගමිබෙි සහ පාසිකුඩා මුහුදු තීරයන් ඉතාමත් ඉහල සංචාරක ආකර්ෂනයක් තිබුන ස්ථාන විය. යහපාලන සමයේ තිබූ අකාර්යක්ෂම පාලනය නිසා අතහැරදැමූ අක්කර 150 ක්පමන වූ පාසිකුඩා සංචාරක කලාපයේ පමනක් හෝටල් 12 ක් ඇත. කොටි සංවිධානයේ ක්රියාකාරකමි නිසාද මෙම කලාපය විශාල ලෙස විනාශ වී ඇති බැවින් යලිත් සක්රීය කිරීමට රජය දැන් කටයුතු කර⁣ගෙන යයි. එසේම නුවරඑළියේ දර්ශනීය සඳතැන්න පාරිසරික කලාපයද දැන් දේශීය සහ විදේශීය සංචාරකයන්ට විවෘත කර ඇත.ජෛව විවිධත්වයෙන් අනූන සඳතැන්න පාරිසරික උද්යානයකි. 

දැනට මසකට පැමිනෙන ලක්ෂයක් පමන වන සංචාරක පිරිස ලක්ෂ දෙකක් දක්වා වැඩිකර ගැනීමට විශේෂ වැඩ පිලිවෙලක් සකසා ඇත. අප්රියේල් මස ලංකාවෙි පැවැත්වෙන සංචාරක නියොජිත සමුළුව මෙන්ම කටාර් සහ එමිරේටිස් ගුවන් සමාගමි සමග එලඹී නව ගිවිසුමි මගින් එම ප්රවර්ධනය සිදුවෙි..වසර 30 පමන කාලයක සිට ශ්රී.ලංකාවෙි සුමිතුරැ ගුවන්සේවයක් වන එමිරේටිස් සමග ඇතිකරගත් නව ගිවිසුමට අනුව මහා බ්රිතාන්යය, ජර්මනිය,ඉතාලිය,එමිරේටය සහ තවත් යුරෝපීය රටවලින් ලංකාවට සංචාරකයන් ගෙන එනු ඇත.සතියකට ගුවන්ගමන්වාර 21 ක් එමිරේටිස් කොළඹට ක්රියාත්මක කරයි. එසේම මත්තල සහ රත්මලාන ඔස්සේද වැඩි සංචාරකයන් ගෙන්වා ගැනීමටත් කටයුතු යොදාගෙන යයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්