Nov
22

එළවළු නෑ… හෙට සිට බත් පැකට්ටුවේ සහ ප්ලේන් ටී වල මිල ඉහළ යයි

 
1360 Views
   
 

රට තුළ පවතින එළවළු හිඟය සහ එළවළු මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන හෙට (නොවැ.23) සිට බත් පැකට්ටුවක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, බත් පැකට්ටුවක මිල සහ ෆ්‍රයිඩ් රයිස් පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දමන බව ය.

එමෙන් ම, ප්ලේන් ටී එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමන බව ඔහු පැවසී ය.

ඔහු පෙන්වා දුන්නේ, පවතින එළවළු හිඟය සහ මිල ඉහළ යාම හමුවේ බත් පැකට්ටුවක මිල ඉහළ නොදැමීමට කටයුතු කළහොත් ආපන ශාලා හිමියන් බංකොලොත් වනු ඇති බවය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්