Mar
2

ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ජයක්ග්‍රහන රැසක් ලබා දුන්නු ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ල කෞෂි පෙරේරා ගෙවන ජීවිතේ

 
2820 Views
   
 

මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ නිරූපන ශිල්පිනියක් තමයි කෞෂි පෙරේරා කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ජයක්ග්‍රහන රැසක් ගෙන ආ සුන්දර තරුණියක් ලෙස හදුන්වන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි කෞෂි කියන නම ඇසුණු සැනින්ම අපේ තරුණ තරුණියන් හැම කෙනෙක්ම ඇයව හදුනනවා. ඒ තරමට ඇය මෙරට ජනප්‍රිය චරිතයක්

කොහොමහරි ඉතින් නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇයව අපට ෆොටෝශූට් ඔස්සේ නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි විවිද හේතුන් නිසාවෙන් කාලෙන් කාලෙට නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක් හැටියටත් අපට කෞෂිව හදුන්වන්න පුලුවන්. ඊට හේතුව වෙන්නේ යම් යම් අවස්ථාවන්හී ඇය සිදුකරන විලාසිතාවන් සහ ප්‍රකාශයන්

කොහොම නමුත් නිරන්තරයෙන් ෆොටෝශූට් තුලින් දැකගන්නට ලැබෙන මේ නිරූපණ ශිල්පිනිය සිදු කරන්නේ ඕනෑම කෙනෙකුගේ ඇස යොමුවෙන ආකාරයේ ෆොටෝශූට් වන අතර ඒ සියල්ලට හිමිවෙන්නේ ඉහළ ජනතා ආකර්ෂණයක්. මේ අතර නිරුපන ක්ෂේත්‍රය තුලින්ම පැමිණි ඇයට අද වෙද්දී නිරුපන ක්ෂේත්‍රයේ ඉහළටම යාමටයි හැකිව තිබෙන්නේ. කෞෂි කියන විදියට ඇය මේ තරම් දුරක් ක්ෂේත්‍රයේ එන්න ගොඩක් මහන්සි වෙලා තිබෙනවා

කෙසේවෙතත් මෙරට පමණක් නොවෙයි ජාත්‍යන්තරයත් ජයගත් ඇයනම් කියන්නේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියන නිසා ඒ ගැන හරිම ආඩම්බරයි කියලයි. ඒ වගේම පහුගිය දවසක කෞෂි පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තිබුණා. එහිදී ඇය අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි

” 2019 වසරදී මිස් ටි, න් ජාතික තරඟයේ තුන්වෙනි ස්ථානය දිනාගත්තේ මම. ඒ දවස්වල තමයි මම විශ්ව පෙරේරාව හඳුනගත්තෙ, ඔහුගෙන් මම ගොඩක් දේවල් ඉගනගත්තා. ජාත්‍, යන්තරයට ගිහින් අපේ රටේ සංස්කෘතිය පෙන්වන ඇඳුම් ඇ ඳලා අපේ වටිනාකම ලෝකයටම පෙන්වන්න ලැබුනා. තවත් මතක කරන්න ඕන කෙනෙක් ඉන්නවා ඒ තමයි හෂාන් පන්නිල අයියා. එයත් එක්ක කරපු මුල්ම පොටෝ ශුට් එකෙන් පස්සේ තමයි මම ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. මට කාටවත් බොරු කරලා ඉදිරියට යන්න උවමනාවක් නැහැ. එහෙම යනවානම් අද මම ඉන්න තැනටත් වඩා ගොඩක් ඉස්සරහට යන්න තිබ්බා. දැන්නම් මටම කියලා පෞද්ගකිල ව්‍යාපාරයක් මට තියනවා” කියලයි

ඒ කොහොම උනත් ජාත්‍යන්තර වෙබ් අඩවි වාර්තා කරන ආකාරයට කෞෂිගේ සම්පූර්ණ වටිනාකම ඩො,ලර් මි,ලි,යන 2.5 වෙනවාලු. කොහොමහරි ඉතින් නිරූපණ ශිල්පිනියක ලෙස මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන කෞෂිට ඇගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්