Feb
6

“මම ජීවිතේ කිසිම වෙලාව මගේ දුවව අත්හරින්නේ නැහැ” නිළි හිමාලි සයුරංගි

 
1110 Views
   
 

හිමාලි සයුරංගි කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇයට මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවි තුරා ටෙලිනාට්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එපමණක් නොවෙයි ඇයට වර්තමානය වනවිට දෙරණ නාළිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය හරහාද අති විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. කොහොමහරි දක්ෂ රංගන ශිල්පිනියක වන හිමාලී මේවෙනකොට ආදරණීය දියණියකගේ මවක්. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සමගයි

ඔබ ආදරණීය මවක් නිසාම අපි ඔබේ ආදරණිය දියණිය හා ගෙවන කාලය ගැන මතක් කරමු නේද ?

මගේ දුව දැන් පාසල් යන වයසේ ඉන්නේ. ඇත්තටම එයා හොඳ දරුවෙක් මම හැම අම්මා කෙනෙකුටම කියන්නේ කොච්චර කාර්යබහුල වුණත් කොයිම වෙලාවකවත් තමන්ගේ දරුවන් අත්හරින්න එපා කියලා. මම ඒක හැම වෙලාවකම හිතන දෙයක්. අනික මම ජීවිතේ කිසිම වෙලාව මගේ දුවව අත්හරින්නේ නැහැ. රූගත කිරීම් වලට මගේ ජීවිතයේ කොටු වුණත් මට නිදහස ලැබෙන හැම වෙලාවකම මම මගේ දියණිය එක්ක කාලය ගත කරනවා. කොච්චර කාර්යබහුල වුණත් මගේ දරුවා වෙනුවෙන් කාලය වෙන් කරනවා

ඔබව අපට මේ දිනවල දිවි තුරා ටෙලිනාට්‍යය තුළින් දැකගන්නට ලැබෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයෙන් ඔබ ලබපු අත්දැකීම් කොහොමද .. ?

අපි මේ නාට්‍ය කරන්න කලින් මාස දෙකක විතර ඉඳන් සූදානම් වුණා. මම හිතන්නේ නැහැ කිසිම නිර්මාණයක දී මේ කාලය තුළ මේවගේ දෙයක් කරනවා කියලා. අද ගොඩක් නිර්මාණ බිහි වෙන්නේ ලබන සතියේ ෂූටින් කියලා. අද අපිට location එකට ගියහම තමයි ඇඳුම් පැළඳුම් වුණත් අපට ලැබෙන්නේ. දිවිතුරා කියන හොඳ සැලසුමක් සහගතව බිහිවෙන නිර්මාණයක්. ඒ නිසාමයි මාස ගාණක් තිස්සේ මේකට පෙර සූදානමක් සිද්ධ වුනේ

දිවිතුරා ටෙලිනාට්‍ය ගොඩක් දුරට රූගත කිරීම් සිදුවෙන්නේ නුවරඑළියේ නේද. ඉතින් ඔබට එහිදී ලැබෙන අත්දැකීම් කොහොමද?

ඔව් මේ කතාව ගොඩක් රූගත කෙරුණේ නුවරඑළියේ. ඒ ප්‍රදේශය ඇසට සුන්දරත්වයක් ගෙන එන ප්‍රදේශයක්. ඒ පරිසරය දකින්න වුණත් හරි ආසයි. සමහර location වලට අවසර ගන්න වුනත් ටිකක් අමාරුයි. ටෙලි නාට්‍යවල ඒ වගේ location තෝරගන්නවත් අඩුයි. ඉතින් බොහොම සුන්දර අත්දැකීම් එක්ක රූගත කිරිම් සිද්ධ වෙනවා

ඇත්තටම ඔබට සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට දෙවනි ඉනිම ටෙලි නාට්‍යය නිසා හැකිවෙනවා. එහිදී ඔබ යම් කිසි සිමාවකට කොටු වුනාද ?

එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ. දෙවනි ඉනිම ටෙලි නාට්‍ය පටන් ගද්දි ගොඩක් කාර්යබහුල රංගන ශිල්පියෙක්. මම හොඳ නරක චරිත කරලා කලාව ඇතුළෙ තෙම්පරාදු උන කෙනෙක්. සම්මාන පවා මට හිමිවුණා. දුව නිසා මට ජීවිතේ රංගනයට පුංචි සීමා වැටුනත් දෙවැනි ටෙලි නාට්‍ය නිසා එහෙම දෙයක් තිබුනේ නැහැ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්