Sep
9

කො විඩ් රෝගීන් බෙදා ගැනීමට නො හැකිව මීගමුව රෝහලේ මහා ආරවුලක්

 
675 Views
   
 

මීගමුව මහ රෝහලේ කොරෝනා රෝගීන් රැකබලා ගැනීමේ කටයුතුවල නියුතුව සිටි කුලී උපස්ථායකයන් දෙදෙනකු අලූතින් රෝහල් වෙත පැමිණි කො විඩ් ආසාදිතයකු කුලියට උපස්ථාන කිරීමට අයිතිකර ගැනීමට යෑමේදී ඇතිකරගත් ආරවුලකදී එක් උපස්ථායකයකු විසින් අනිත් කුලී උපස්ථායකයාට පිහියෙන් ඇන ඝා ත න ය කිරීමට තැත්කොට තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පො. කො. (82489) අමල් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු වාර්තාව අනුව මෙම සිද්ධියට අදාළව කුලී උපස්ථායකයකු වන කටාන පදිංචි ඩබ්ලිව්. කේ. සුනිල් නමැති සැකකරු (7 දා) අත් අඩංගුවට ගෙන ඇති බවත් සනදහන්.

ඉන් අනතුරුව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අත් අඩංගුවට ගත් සැකකරු කොරෝනා රෝගීන් රැකබලා ගන්නා කුලී උපස්ථායකයකු බවයි. තුවාලකරු ද ඔහු මෙන්ම රෝහලේ රෝගීන් රැකබලා ගන්නා කුලී උපස්ථායකයෙක්. රෝහලට ඇතුල්කළ අලූත් කො විඩ් රෝගියකු රැකබලා ගැනීම සඳහා රෝගියාගේ භාරකාරත්වය ලබා ගැනීමට දෙදෙනා අතර සිදුවූ අරගලයේදී පිහි ඇනුම සිදුවඇති බවයි සඳහන් වන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට පැමිණ වූ අවස්ථාවේ තුවාලකරු බරපතළ තත්ත්වයෙන් නොසිටීමත්, කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමත් සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ විසින් සැකකරුට තරයේ අවවාද කර රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප නියම කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්