Jan
3

IMF ණය හා UNP ආණ්ඩුව

 
1356 Views
   
 

එළැඹි සියලු ආණ්ඩු ජාත්යන්තර මූල්ය අරමුදල හෝ වෙනත් මූල්ය ආයතනවලින් ණය ලබාගැනීම දිගින් දිගටම සිදු කරනු ලැබූ අතර, මේ වනවිට රට ණය උගුලක හිරවී ඉතාමත් අමාරුවෙන් ආර්ථිකය ඇදගෙන යාමේ තත්වයක් උද්ගතව ඇත. අර්බුදය වඩා උග්ර අතට පත්වූයේ ලෝක වසංගතයයි. කෝවිඩ් අභිමුව ආර්ථිකයන් කඩා වැටීමේ අර්බුදයකට ලෝකයේ සෑම රටක් මෙන්ම ශ්රී ලංකාව ද ද මුහුණ දී සිටී.

ඒ අතරේ ශ්රී ලංකාවේ ආර්ථිකයට ප්රබලතම අභියෝගය ලෙස ඉදිරි වර්ෂයේ එනම් ජනවාරි මස 18 වන දින, 2022 ලෝක බැංකුව වෙත ගෙවිය යුතු ණය මුදල් වාරිකයක් එළඹේ. එම වාරිකය ගෙවිය යුත්තේ ඩොලර්වලිනි. මේ වනවිට රට තුළ විශාල ඩොලර් හිඟයක්ද පවතින අතර අයවැය හිඟය පියවා ගැනීම සඳහා කළ යුතු කාර්යය කුමක්ද යන්න මුදල් අමාත්යවරයා අයවැය කතාවේදී ද ඉදිරිපත් කර නොමැත.

මෙවන් පසුබිමක විරුද්ධ පක්ෂය ජාත්යන්තර මූල්ය අරමුදල අරමුදලට යායුතුමයි යන මන්තරය මතුරමින් සිටී. රජයේ ජාත්යන්තර මුල්ය අරමුදලට නොයා රට තුළ හිඳ තත්වය සමනය කරගැනීමේ ප්රතිපත්තියක හිඳ කටයුතු කරනු පෙනේ. මේ අතර රට වැසියන්, එනම් රටෙහි ආර්ථිකය පිළිබඳව යම් විමසිල්ලකින් හා සැලකිල්ලකින් බලා සිටින රට වැසියන් ඊළඟ මොහොතේ කුමක් සිදුවේදැයි වික්ෂිප්ත භාවයකින් කටයුතු කරනු දකින්නට ලැබේ.

1970- 1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ ද අද මෙන්ම නිෂ්පාදන ආර්ථිකය ඉහළ නංවා රට ඉදිරියට ගෙන යාමේ ආර්ථික වැඩපිළිවෙළක් දියත් කර තිබුණි. එකී ආර්ථික වැඩපිළිවෙළ ප්රතික්ෂේප කළ ජනතාව 1977 වර්ෂයේදී නව රජයක් බලයට පත් කර ගැනීමෙන් පසු නව ආර්ථික ප්රතිපත්ති ක්රියාත්මක විය. 1978 ලංකාවේ ආර්ථිකයේ සිදු වූ මෙම විශාලතම ප්රතිසංස්කරණයෙන් පසු ගෙවුණු වසර හතළිස් ගණනක් වන කාලය තුළ, පත්වූ සෑම ආණ්ඩුවක්ම විදේශීය ණය ලබා ගත් ආකාරය විශ්ලේෂණය කර බැලූ විට, එදාට සාපේක්ෂව දස දහස් ගුණයක ණය ප්රමාණයක් සෑම ආණ්ඩුවක්ම පාහේ ලබාගෙන ඇති බව සඳහන් කළ හැකිය.

ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ණය ලබාගැනීම ආරම්භ කරන ලද්දේ 1986 පමණ වන විටයි. ලබාගත් වැඩිම ණය ප්රමාණයක් හා වැඩි වාර ප්රමාණයක් ණය ලබා ගත් රජය වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයයි. එය ප්රමාණාත්මකව 25 ස් වතාවකට වැඩියෙන් ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ණය ලබාගත් බව වාර්තාවේ. ගෙවීගිය යහපාලන කාලය තුළ නායකයින් වෙත රටේ ජනතාව තිබූ විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් රාජපක්ෂවරු කෙරෙහි පවතින බව අවංකව පිළිගත යුතුය.

ඒ ගැන අටුවා ටීකා, තර්ක විතර්ක අවශ්ය නැත. විපක්ෂයේ මොන තරම් අලංකාර වදන් පවසමින් ලස්සන ලෝකයක් මවා පෑවත්, විපක්ෂයේ කෙරෙහි කිසිදු නායකත්වයක් කෙරෙහි රටේ ජනතාවගේ විශ්වාසයක් නොමැත. රාජපක්ෂවරු රට අගාධයට වැටීමට කිසිවිටෙකත් ඉඩ නොදෙනු ඇතැයි තවමත් විශ්වාසය තැබිය හැක. ප්රශ්න රාශියක් තුළ දෝලනය වෙමින් ආණ්ඩුව රැගෙන ගියද පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ගෙන එන ලියැවිල්ල ද රාජපක්ෂවරු සතුව ඇතැයි යන උපකල්පනය බැහැර කිරීමට කිසිවකුට නොහැකිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්