Jan
3

ආර්ථික ඔස්තාර්ලාට කණේ පහරක්

 
1554 Views
   
 

🔸” ජනවාරි 18 වන විට ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත් වෙනවා. ඩොලර් සංචිතය බ්ංදුව වෙනවා ”

– සජිත් ප්රේමදාස-

🔸” මින් ඉදිරියට චීනය අපට ණය දෙන්නෙ නෑ. ඉන්දියාවත් ණය දෙන එක ප්රතික්ෂේප කරා. රට ඉවරයි ”

– අනුර කුමාර දිසානායක –

🔸” අපිට ගොඩ ඒමක් තියෙන්නෙ IMF ගියොත් විතරයි ”

– රනිල් වික්රමසිංහ –

🔸” දැන්නම් ඉතිං රට ගොඩදාගන්න පුළුවන් එකම විකල්පය සජබෙ අපි විතරයි ”

– හර්ෂ ද සිල්වා –

🔸” මම හිටියා නම් IMF එකෙන් ණය ගන්න හැටි දන්නවා ”

– සිරිසේන –

විපක්ෂය බලාගෙන සිටියේ රට ගොඩ යන තුරු නොව ආණ්ඩුව වැටෙන තුරුය. ආණ්ඩුව වැටෙනවා නම් මොවුන්ට රටට කෙල උනාට අවුලක් නැත. විපක්ෂයෙ ගොබ් බසේනලාගෙ කියුම් විතරය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කයිවාරු ගැසුවෙ නැත. නැවත වරක් ක්රියාවෙන් තමා කවුදැයි ඔප්පු කර පෙන්වීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ දුරදක්නා නුවණින් සහ අප්රතිහත කැපවීමෙන් ද මේ වන විට මහ බැකුවෙ ඩොලර් බිලියන 3.3 ක සංචිතයක් ගිණුම් ගත වී අහවරය.

“මේවා ආවාට පස්සෙ කියන්නකො ” සමහරු කිව්වේ කිංඩියටය. මේ වන විට ඒ මුදල ගිණුම් ගත වී අවසන්ය. අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමේදි දසතින්ම විරෝධය නැගුණි. එහෙත් ඔහු ඔහුගෙ අත්දැකීම් උපයෝගී කරගෙන ඩොලර් සංචිත ගැටලුවට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කළේය. අද එහි අග්රඵලය ලබා ගෙන ඇත. රට බිල්ලට දී බොර දියේ මාළු බාන්නට සිටි විපක්ෂයට අබ සරණය.

සජිත් ප්රමුඛ විපක්ෂය ව්යසනයන් තම වාසියට හරවා ගැනීමට දැරූ තැත ලත් තැනම ලොප් විය. ජනවාරි 18 වන විට අප ගෙවිය යුත්තෙ ඩොලර් මිලියන 500 ක ණය වාරිකයකි. නැවතත් ජූලි මාසයෙ ඩොලර් බිලියන 01 කි. සංචාරක ව්යාපාරය සක්රීය වී ඇත. අපනයන ආදායම ඉහළ ගොස් ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටිනා තුරු අවස්ථාවාදී විපක්ෂයට තම පාපී අරමුණු කරා ලඟා වීම මිරිඟුවකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්