Mar
14

” එයා ඒ දේවල් කරන්නේ ලජ්ජාවෙන්, ටික්ටොක් කරන්න පොඩ්ඩක්වත් කැමති නෑ ” ලංකාවේ ටික්ටොක් රැජින සෙව්වන්දි නයනතාරා

 
629 Views
   
 

මේවෙද්දී ලාංකීය ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් හැමෝම වගේ ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියල කියන්නේ. කොහොම නමුත් ටික්ටොක් හරහා අහම්බයෙන් මෙරට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මේවෙද්දී රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඉතින් මේ විදිහට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මුලින්ම ප්‍රේක්ෂක ජනයා අතරට එන්නේ තෝඩු කියන ටෙලි නාට්‍යය හරහායි

කෙසේවෙතත් ටික්ටොක් වලින් පැමිණි ගමන් මගත් එක්ක සෙව්වන්දි රුපවාහිනී වෙළඳ දැන්වීම්වලට විතරක් නොවෙයි ටෙලි නාට්‍යයවලටත් රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ඇගේ දක්ෂතාවය නිසාම ඇයට මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙන්නට අවස්තාව හිමිවුණා. ඒ අතුරින් මෙරට ඉතාමත් ප්‍රසිද්ධියට පත් ගීතයක් තමයි “යන්න යනවද” කියන ගීතය. ඉතින් මේ ගීතය සමගත් ඇගේ ජනප්‍රියත්වය තව තවත් වැඩිවුනා. ඉතින් අද අපි කතාකරන්න සූදානම් වෙන්නේ ඇයත් සමගයි

සෙව්වන්දි කියන චරිතය මෙරට ජනයා හදුන්වන්නේ ටික්ටොක් රැජින හැටියටයි. ඉතින් ඔබේ ටික්ටොක් ආරම්භය ගැන කතා කළොත් ?

ඇත්තටම මම ටික්ටෝක් කරන්න පටන් ගත්තේ 2018 අවුරුද්දෙ, ඒ කාලෙ මේ ඇප් එක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධ නෑ ‘මියුසිකලි’ නමින් තමයි මේක තිබ්බේ. ඒකාලේ වීඩියෝ දැක්කම මටත් ආසා හිතුනා වීඩියෝ කරන්න. යාළුවො දෙන්නා එක්ක තමයි මේක කරන්න හිටියේ එයාලා ලැජ්ජයි කියලා බෑ කිවුවා. ඒ කරපු මුල්ම වීඩියෝව හිතාගන්න බැරි විදියට ජනප්‍රිය වුණා

ටික්ටොක් හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔබ මේවෙද්දී මෙරට ඉන්න ජනප්‍රිය නිළියක්. ඉතින් ඔබ නිළියක් වෙන්නේ ටික්ටොක් නිසාවෙන් නේද ?

ඔව් හැබැයි මම ටික්ටොක් කලේ නිලියක් වෙන්න හිතාගෙන නෙවෙයි. ටික්ටොක් කරලා නිළියක් වෙන්න පුළුවන් කියලා මම ඇත්තටම හිතුවේ නෑ. නිලියක් වෙන එක සිද්ධ වුණේ අහම්බයකින්, මගේ වීඩියෝ ගොඩක් දෙනෙක්ගේ FB වල ෂෙයා වෙලා තිබ්බා ඒක දැකලා තමයි මට රඟපාන්න ආරාධනා ලැබුනේ

සෙව්වන්දි මේවෙනකොට විවාහකයි. ඉතින් ඔබ දැන් සැමිය සමගිනුත් ටික්ටොක් කරනවා නේද ?

ඔව් හැබැයි එයා පොඩ්ඩක්වත් කැමති නෑ ටික්ටොක් කරන්න එයා ගොඩක් ලැජ්ජයි. මම එයා එක්ක ගමන් බිමන් යද්දී ටික්ටොක් වීඩියෝ කරලා දානවා. හැබැයි එයා ඒ දේවල් කරන්නේ ලජ්ජාවෙන්. මොකද ඔහු කරන්නෙ ව්‍යාපාර කටයුතුනේ ඉතින් බිස්නස් වැඩ වලට ගියාම කට්ටිය අහනවලු ටික්ටොක්වල ඉන්නවා නේද කියලා. හැබැයි මගේ නැන්දම්මා නම් මේවට ගොඩක් කැමතියි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්