Dec
19

දිගු කලක පටන් සිහිනයක් වූ අපේම නිෂ්පාදන ආර්ථිකය

 
1602 Views
   
 

අපි අපේම කියලා දේශීය නිෂ්පාදන ආර්ථිකයක හීන දැක්කා. සිරිමාවෝ මැතිනියගේ කාලය ගැන අපි අහලා තිබ්බාට අපේ ජීවිත කාලය තුළ එවැනි සොඳුරු අත්දැකීම් විඳින්න ලැබෙයි කියලා අපි හිතුවෙ නෑ. අපි අපේ රා ගහ යට වාඩි වෙලා පිටරට විස්කි ගහපු ජාතියක්. අද ඒ තාවකාලික ආතල් එකේ රඟ පේන්නෙ ඩොලර් සංචිත දිහා බලපුවාම. අම්මා හාල් සේරුව අරගෙන ඒකෙන් මිටක් පැත්තකින් තියෙන මුට්ටියකට දානවා අපි මේ ඇස් දෙකෙන් දකින්න පිං කරලා තිබුණා.

අපේ රටේ එහෙම ඉතුරුම් ආර්ථිකයක් තිබුණා. අපිට මොකද උනේ…?

රෙද්ද කැඩුවා වගේ එක පාරටම විවෘත ආර්ථිකය එනවාත් එක්කම අපි අපේ පරිභෝජන රටාව වෙනස් කරා. අපි ණය වෙලා කන ජාතියක් බවට පත් උනා. ණය වෙලා රටක් සංවර්ධනය කරාට කමක් නෑ. ණය වෙලා කනවා බොනවා කියන්නෙ ඒක අපි ආඩම්බරෙන් කතා කරපු 2500 ක ප්රෞඪ අතීතයේ සළුපිලි අපිටත් හොරෙන් ගැලවිලා ගියා. අපේ හෙළුව පේන්න ගත්තා. අපි ලැජ්ජා නැති ජාතියක් බවට පත් උනා.

වත්තෙ දිගේලි කරලා හිටපු එළදෙන මස් කඩේට විකුණලා නවසීලන්තයෙන්, ඕස්ට්රේලියාවෙන් දෙන බාල පිටි කිරි බොන්න පටන් ගත්තා. ආසාවෙන් බීපූ නැවුම් එළකිරි වීදුරුව අපිට නැති උනා. වර්තමානය වන විට ලෝකයම පිළිගන්න කංසා සුද්දා අපේ රටේ තහනම් කරා. ඒ වෙනුවට හෙරොයින්, හෂීස්, අයිස් අපේ රටට පුරුදු කරා. ගහෙන් එන රා ටික තහනම් කරලා හන්දියක් හන්දියක් ගානෙ බාර් ටික ඇරලා රට බීම දුන්නා.

අපේ රටේ නිෂ්පාදනය කරපු ටයර් එක අපේ පාරවල් වලින් අයින් උනා. පොල් ගස් ටික කපලා ඉඩම් වෙන්දේසි කරා. දැන් විෂ පොල්තෙල් රටින් එනකං බලාගෙන ඉන්නවා. බිබිලෙ දොඩම් වගාව විනාශ කරලා දැම්මා. සුද්දා අපිට ක්ෂණිකව හැදෙන දොඩම් ඇට දුන්නා. අපේම කියන පැණි දොඩම්, ඇඹුල් දොඩම් විනාශ උනා. මේ සියල්ලත් එක්කම ජාතියක් ලෙඩ කරලා මුළු ශ්රී ලංකාවම ඉස්පිරිතාලයක් කරා. අපි හම්බ කරන වැඩි හරියක් බෙහෙත් වලට වියදම් කරන ජාතියක් බවට පත් උනා. ඩොලර් අර්බුදය සහ ගෝලීය වසංගතයක් වූ කොවිඩ් අපිට නැවතත් අපේ දේශිය ආර්ථිකයක් ගැන කතාකරන්න විවෘත වේදිකාවක් හදලා දීලා තියෙනවා.

කෙටිකාලීනව ඩොලර් සංචිත හිඟකම අර්බුදයක් උනත් අපි හරි මගට වැටිලා දේශීය කර්මාන්ත දියුණු කර ගත්තොත් එය ව්යසනය මැදින් ආශිර්වාදයක් කරගන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ දහසක් විවේචන මැද කරන්නට අපහසු එහෙත් නිවැරදි තීරණ ගනිමින් ඉන්නවා. ඉතිහාසයේ පලවෙනි වතාවට බතික්, මැටි ඇමතිවරු පත් කරනවා. දයාසිරි, ප්රසන්න තමන්ට ලැබුණු කුඩා වපසරිය ඇතුලෙ නිර්මාණශීලී යමක් කරන්න උත්සාහ කරනවා. විමල් පුංචි පුංචි කර්මාන්ත දැවැන්ත ව්යාපාර බවට පත් කරමින් ඉන්නවා. ඔහු ඔහුගෙ නව්යකරණ චින්තනය තුලින් ජාතියට බලාපොරොත්තුවෙ හුස්ම පිඹිනවා.

මේ හූණු බිජ්ජෙන් රටක ආර්ථිකයක් ගොඩ දාන්න පුලුවන් ද..?

ඔව් ඒ සිතුවිල්ල සාධාරණයි. ඒත් අපි ගමන කොතනින් හරි පටන් ගන්න ඕන. මහ ගංගා බවට පත් උනේ කුඩා දිය උල්පත් කියන එක අමතක කරන්න එපා. “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි.. ” මුනිදාස කුමාරතුංගයන් එහෙම කියලා තියෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්