Aug
26

සැටලින්ලාට පාඩමක් උගන්වමු

 
1512 Views
   
 

ගුරු වැටුප් විෂමතා ගැටලුවට මෙච්චර දවසක් විසඳුම් ලබා දුන්නේ නෑ. ඒ නිසා අද අපි සාකච්චා කරලා දැඩි ක්‍රියාමාර්ගයකට යනවා – සැටලින්

ඔන්න දැක්කද ආයෙත් මේ ලෑස්ති වෙන්නේ රට ඇරපු ගමන් පාරට බැ හැ ලා පිස්සුවක් නටන්න , මුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ තව තවත් මේ රට නන්නත්තාර කරලම දාන්නයි. ඔව් සැටලින් උඹට පුලුවන් විදියට ක්‍රියාමාර්ගයක් ගනින් හැබැයි මෙච්චර දවසක් ඉවසලා හිටියා වගේ ඉවසන්න අපි සූදානම් නෑ. උඹලා වගේ හම්පඩයින්ට හරියමන් පාඩමක් ආණ්ඩුව උගන්වන්නේ නැ ති න ම් රටේ බහුතරයක් ජනතාව දැන් ලෑස්ති පිට ඉන්නේ උඹලාට ජීවිතේට අමතක නො වන පාඩමක් උගන්වන්න. ඈ බන් උඹලා හිතන් ඉන්නවාද උඹලාට ගොට්ට අල්ලන සැටලින් ගුරුවරුන් විතරයි මේ රටේ මිනිස්සු කියලා? උඹලා හිතන් ඉන්නවාද උඹලා විතරයි මේ රටේ කාලා බීලා ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න ඕනි කියලා? රටේ කෝටි දෙකකටත් අධික ජනතාව මිනිස්සු නෙමෙයිද? උඹලාගේ විකාර නැටිලි හින්දා මේ කෝටි දෙකකට අධික ජනතාවම දුක් විඳින්න ඕනිද?

අනේ සැටලින් උඹලාට චාන්ස් දුන්නා දැන් හොඳටෝම ඇති , උඹලා ඔය නටපු පිස්සුවේ ප්‍රථිපල තමයි අද අපිට කීයක්වත් හම්බකරගන්නවත් විදියක් නැතුව ගෙවල්වලට හිර වෙලා ඉන්නෙත් , අපේ නෑ හිතමිතුරන් කො විඩ් වසංගතයෙන් අ වසන් ගමන් යන්නෙත්. උඹලාගේ මේ විකාර වැඩ වලට වන්දික ගෙවන්න අපිට කැහිල්ලක් නෑ , උඹලාට අපි පඩිත් ගෙවලා , උඹලා නිසා තව තවත් ඉල්ලන් කන්නත් අපිට මොංගල් නෑ. දැන් අපිත් ලෑස්ති වෙලා ඉන්නේ ආයෙත් පුලුවන්නම් නටපල්ලකෝ බලන්න.

ඇත්තටම මුන් මිනිස්සුද? ගුරු වැටුප් විෂමතාවට යම් සාධාරණයක් ඉටු කරන්න ආණ්ඩුවෙන් අවශ්‍ය වැඩකටයුතු කරගෙන යද්දිත් ටික කාලයක් ඉවසන්නේ නැ තුව නිකන් තග දාගෙන ඩෙගා නටන්න ලෑස්ති වෙනවා කියන්නේ මුන් මොන තරම් පහත් ගණයේ පොරවල් වෙන්න ඕනිද? ගුරු වැටුප් විෂමතාව කියන්නේ මුන්ගේ හදිස්සියට විසඳන්න පුලුවන් දෙයක්ද? එහෙම විසඳන්න පුලුවන්නම් ඇයි ඔය ප්‍රශ්නය අවුරුදු 27ක් තිස්සේ විසඳන්න බැරි උනේ? මුන් දන්නවා වත්මන් ආණ්ඩුවත් කරුණු කාරණා රැස්කරගෙන කරන්න හදන්නේ ගුරු වැටුප් යම් විදියකින් වැඩි කරන්න කටයුතු කරන්න මිසක් ඔය ගුරු වැටුල් විෂමතාව ඉවත් කරන්න නෙමෙයි කියලා. මොකද ඒක ලොවෙත් කරන්න බෑ , එහෙම කරානම් මේ රටේ විශාල ප්‍රශ්නයන් ඇති වෙනවා. ඉතින් මුන් දැන් කරන්න හදන්නේ රජයෙන් දෙන කිසිම විසඳුමක් පිලිගන්නේ නැ තුව අර කෙහෙල්මල් විෂමතාවම ඉවත් කරලා දියව් කියාගෙන පාරට බහින්නයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හැදෙන ක්‍රමවේදයක් තියෙනවා , ඕනෑම රාජ්‍ය අංශයක සේවය කරන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හැදෙන්නේ එකම විදියටයි. අවුරුද්දට වැඩ කරන පැය ගාන මාස 12න් බෙදලා රාජ්‍ය සේවකයිගේ වැටුප් හදන්නේ. මේක තමයි සාමාන්‍ය තියරිය. ගුරුවරුන් දවසට වැඩ කරන්නේ පැය 6යි , සතියට අනිවාර්ය නිවාඩු දවස් දෙකක් , අවුරුද්දට වෙනම මාස 3ක් නිවාඩු. එතකොට ගුරු වැටුප් හදන්නේ ඔය නිවාඩු ටික අයින් කරලයි. අන්න ඒ නිසයි ගුරුවරුන්ගේ වැටුප් යම් මට්ටමකට අඩු වෙන්න හේතුව. හැබැයි අනිත් රාජ්‍ය අංශයේ සේවකයින් පැය 8ක් වැඩ කරනවා , O.T කරනවා , සමහර අය සෙනසුරාදා ඉරිදා දවස්වලත් වැඩ කරනවා. ඉතින් ඒ අය වැඩි වැටුපක් ගන්නවා. දැන් මේවා ගැන ඔය සැටලින්ලා කතා කරනවාද? ඕකුන් නිකන් හරි කියනවාද ගුරුවරුන්ටත් පැය 8ක සේවා කාලයක් ලබා දෙන්න , O.T සිස්ටම් එකක් හදලා දෙන්න කියලා? නෑ. ඉල්ලීම්නම් හැම පැත්තෙන්ම සාධාරණ වෙන්න එපායෑ? අනිත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වෙන්න හේතුව ඔවුන් වැඩි කාලයක් සේවය කිරීම , එහෙනම් සැටලින්ලාටත් පුලුවන්නේ ඔන්න ඔය වගේ ක්‍රමයක් හරි යෝජනා කරලා වැඩි කාලයක් වැඩ කරලා වැඩි වැටුපක් ලබාගන්න නේ?

අපිත් පෞද්ගලිකවම හිතනවා යම් විදියකින් ගුරු වැටුප් වැඩි වෙන්න ඕනි කියලා. නමුත් ඔය ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්න ඕනි කියන තැනක අපි නෑ. මොකද අපි දන්නවා මේ විෂමතාව ඉවත් කරන එක පොඩි පහේ සෙල්ලමක් නෙමෙයි කියලා. ඔය විෂමතාව ඉවත් කරපු පහුවදාම සමස්ථ රාජ්‍ය සේවකයින්ම පාරට බහින්න ගන්නවා “අපි මෙච්චර මහන්සි වෙලා වැඩ කරලත් අපේ පඩිය අඩුයි” කියලා. ඊටපස්සේ ඔය සේරගේම වැටුප් හදන්න ගනින්කෝ. අන්තිමට ආණ්ඩුවට වෙන්නේ කොටි දෙකක ජනතාවට කෙලවිලා ගියදෙන් කියලා හැමදාමත් ඔය ලක්ෂ 17ක රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හද හදා ඉන්න එක විතරයි.

මෙතන තවත් විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නය අපි හැමෝම හොඳින් තේරුම්ගන්න ඕනි. ඔය විෂමතාව ඉවත් කරා කියලා නිකමට හිතමුකෝ? ලක්ෂ 2ක ගුරුවරුන්ගේ වැටුප් වෙනුවෙන් තවත් බිලියන 69ක් වෙන් කරන්න වෙනවා. මේ වෙන් කිරිල්ල අවුරුද්දෙන් ඉවර වෙන්නේ නෑ නේ? ගුරු වැටුප් වෙනුවෙන් දැනට වෙන් කරන මුදලට අමතරව තවත් බිලියන 69ක් අවුරුද්දක් පාසා අයින් කරන්න සිද්ද වෙනවා. දැනටම මේ රටේ මිනිස්සු බදු ගෙවලම හෙම්බත් වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන්න , පලාත් සභා , නගර සභා , ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් නඩත්තු කරන්න , ඔවුන්ගේ ලේකම්ලා නඩත්තු කරන්න , රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ක් නඩත්තු කරන්න. මේ හැම කෙනෙක්වම නඩත්තු තරන්න අපි මැ රි මැ රි බදු ගෙවනවා. අපි හම්බකරන මුදලින් 75% ට වඩා යන්නේ දෙවේලක් හරි බඩ පිරෙන්න කන්න. ඇයි ඒ? අපි හම්බ කරලා අපි කන්න වියදම් කරනවාට වඩා අපි වියදම් කරන්නේ මේ හැත්ත බුරුත්තම නඩත්තු කරන්න. මිනිස්සු මේ වගේ හෙම්බත් වෙලා ඉන්දැද්දි ගුරු වැටුප් වෙනුවෙන් තවත් බිලියන 69ක් හොයාගන්න ආණ්ඩුවට බදු ගෙවන්න ඕනෙත් අපි. ඒ කියන්නේ ගුරුවරුන්ගේ වැටුපෙන් සත පහක් වැඩි කරත් ඒ වැඩි කරපු මුදල ආණ්ඩුවට හොයලා දෙන්න ඕනි මහජනතාව වෙච්ච අපිමයි.

ඉතින් මේ සැටලින්ලාට තේරෙන්නේ නැද්ද මේ වගේ වසංගතයක් තියෙද්දි මේ වගේ තුට්ටු දෙකේ වැඩවල් කරලා මුන් තව තවත් පීඩාවට පත් කරන්නේ ආණ්ඩුව නෙමෙයි රටේ ජනතාව කියලා? හරි සැටලිමෝ උඹලා මනුස්සකමක් නැතුව වැඩ කරනවානම් උඹලාට පඩි ගෙවන රටේ ජනතාව වෙච්ච අපිත් ලෑස්ති අපේ මනුස්සකම පැත්තකට දාලා උඹලත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න. එකක් මතක තියාගනින් පුතෝ රටේ මිනිස්සු ඉවසනකම් විතරයි උඹලාගේ හැම සෙල්ලමක්ම , මිනිසුන්ගේ ඉවසීම පැන්නා කියන්නේ උඹලාට හැංගෙන්නවත් තැන් නැ ති වේවි. (මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්