Sep
20

කඩිනම් එන්නත්කරණය තුලින් විශ්වවිද්යාල විවෘත කිරීමට සැලසුම්

 
505 Views
   
 

ඕනම සිසු සිසුවියකගෙ තියෙන ප්‍රධානම හීනයක් තමා හොද ලකුණු අරගෙන විශ්ව විද්යාල‍යට ඇතුලත් වීම . ටියුෂන් ගිහින් මැ රී ගෙන පාඩම් කරන්නෙ තමා තුළ තියෙන ඒ හීනෙ හැබෑ කරගන්න. කොරෝනා වසංගතය අපේ රටට විතරක් නෙමේ මුළුලෝකෙම අධ්‍යාපනයට කරල තියෙන විනාශය සුළුපටු එකක් නෙමේ. අපේ රටේ දැන් විශ්ව විද්යාල වහල සෑහෙන කල්. යුද්දෙ තිබ්බ කාලෙදිවත් මෙහෙම වැහුවෙ නෑ. යූ එන් පී -ජේ වී පී කරපු මිනී ඔලු සෙල්ලම් හින්ද නම 1988/1989 විශ්ව විද්යාල වහල තිබ්බ එක හොදට මතකයි. විශ්වවිද්යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පවසල තියෙන සතුටුදායක පුවත අපිට ලැබිල තියෙනව. ඒ පුවතෙම පහත දක්වල තියෙන කරුණු අඩංගු වෙනව. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කො විඩ් මර්දන එන්නත් දෙකම ලබාදී විශ්වවිද්යාල විවෘත කිරීමට සැලසුම් කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජේ‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් එම අදහස් පළ කර ඇත.

සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබේ. සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්හි වයස අවුරුදු 30 ට වැඩි කාර්ය මණ්ඩල සඳහා එන්නත් දෙකම දී අවසන් බව ද ඔහු සඳහන් කර ඇත. වයස අවුරුදු 30ට අඩු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් එන්නත්කරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන්නතම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණයෙන් කඩිනම් පියවර ගන්නා මෙන් සියලු විශ්වවිද්‍යාල වෙත දැනුම් දී ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් තර තිබේ. එමෙන්ම, විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 30ට වැඩි හා අඩු දෙපිරිසටම එන්නත් දෙකම දී අවසන් කර තිබේ.

ඉදිරි වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවත් මේ සඳහා කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම අත්‍යවශ්‍ය බැවින් විශේෂ අවසරයක් මත මෙසේ කඩිනමින් එන්නත්කරණය සිදුකළ බව මහාචාර්යවරයා සඳහන් කර ඇත. කොරෝනා කියන්නෙ යුද්දෙටත් එහා ගිය එකක්. මේකට සාර්ථකම කියල මුළු ලෝකෙම පිලිගන්න එන්නත්කරණය අපි අති සාර්ථකව කරමින් පවතිනව කියන එක පැහැදිලිවම පෙනෙනව. දැනටමත් 50% වඩා අපේ රටේ එන්නත විදල ඉවරයි. තව මාසෙකින් විතර අපිට අපේ එන්නත්කරණ ඉලක්ක සපුර ගන්න පුළුවන් වෙයි. එන්නත්කරණයෙන් කොරෝනා පාලනය වුණාට කොරෝනා ලෝකෙන් තුරන් වෙන්න තව ගොඩක් කල් යයි කියන එක තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය. ඒ මතය අපේ රටටත් පොදුයි ජනතාව හැටියට අපිටත් වගකීමක් තියෙනව කියන එක අපි අමතක කරන්න නරකයි.

තව ටික කාලෙකින් අපේ පාසැල් පටන් ගන්නත් පුළුවන් වෙයි. ලෝකෙ බලගතුම රටවල් එක්ක සසදද්දි අපි එන්නත්කරණයෙන් ඉහලින්ම ඉන්නව. සංචාරක ක්ෂේත්‍රයෙ ප්‍රබලයො කියනව දෙසැම්බර් වෙන කොට අපේ රටේ සංචාරක කර්මාන්තයත් සාමාන්‍ය තත්වයට පත් වෙනව කියන කරුණ මේ යන විදියට අපිට අතපසු වෙච්ච් ඉලක්ක මේ අවුරුද්දෙදි සපුරගෙන 2022 අපිට හිනා වෙන්න පුළුවන් වෙයි කියන එක ගැන අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වෙයි. (උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්