Aug
2

මංගල උත්සව තුළ කොවිඩ් ආසාදනයේ වර්ධනයක් – මංගල උත්සව පැවැත්වීම තහනම් කරාවි?

 
1650 Views
   
 

මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2,510 දෙනාගෙන් ආසාදිතයන් 300 ඉක්මවා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 398 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 384 දෙනෙකුත් ඊයේ (01) වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැ ළැ ක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම 100 ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, මාතලේ යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. පෙරේදා සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරන ලද ම’රණ 67ත් සමඟ මේ වනවිට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,508 ක් ලෙසයි.

මෙරට තුළ වෙනත් රෝගවලින් මි’යයන ප්‍රමාණයට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් මි’යයන තත්වයක් පවතින බවයි ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ, රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය වෛද්‍ය සුනෙත් අගම්පොඩි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර දිවයින පුරා විවාහ මංගල උත්සව ආශ්‍රිතව මේ වනවිට කොරෝනා පොකුරු වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා. මේ අතර අද දිනයේ තවත් ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආ සා ත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ සාම්පල 96 ක් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකරන බවයි. දිවයිනම ආවරණය වන පරිදි එම සාම්පල ලබාගෙන ඇති බව ඔහු කියා සිටියා. ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්තවීමත් සමඟ පවතින අ ව දානම සහ රෝගීන් සංඛ්‍යාව අවම කරගැනීම සඳහා ජනතාවට සමාජමය වගකීමක් ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ.

මේ අතර පිළියන්දල තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති ඇතුලු 18 දෙනෙකුට කොරෝනා ආ සාදනය වීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්