Feb
24

“කේන්ති ආපුහාම අපි දෙන්නම වාහනේ අරන් එළියට යනවා, දරුවෝ ඉස්සරහා අපි කිසිසේත් රණ්ඩු වෙන්නේ නැහැ” ජනප්‍රිය නිළි මහේෂි මධුසංකා

 
5044 Views
   
 

මෙරට රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියන් අතර ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියල කියන්නේ. කොහොම නමුත් ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයව අපට මේවෙද්දී කලා නිර්මාණ රැසක් ඔස්සේ දැකගන්නට ලැබෙන අතර මහේෂි සිය රංගන දායකත්වය ලබාදුන්නු “ඇය” ටෙලිනාට්‍යයට මෑතකදී හිමිවූයේ ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ඒ කොහොම උනත් දෙවන දරු ප්‍රසූතියෙන් අනතුරුව ඇය ටෙලි නාට්‍ය සඳහා මද විරාමයක් ලබා දුන්නත් නැවත වතාවක් පුංචි තිරයෙන් ඒ ටෙලි නිර්මාණයත් එක්කම ඇයව අපිට දැක බලා ගන්න ලැබෙනවා

කෙසේවෙතත් මීට වසර ගණනාවකට පෙරදී රංගන ක්ෂේත්‍රයත් සමගින් එක්වන ඒ කියන්නේ ඇයට වයස අවුරුදු දහඅටෙන් කලා ලෝකයත් සමගින් එක්වෙන මහේෂිට රංගන ශිල්පිනියක් විදිහට තෘප්තිමත් වෙන්න පුළුවන් චරිත ගණනාවක්ම ලැබී තිබෙනවා. ඒ කොහොම උනත් ඇයනම් කියන්නේ තමන්ට කොයිතරම් නිර්මාණවලට ආරාධනා ලැබුණත් පවුල් ජීවිතේ අංක එක කියලයි. ඉතින් ඒ පිළිබඳ ඇය පහුගිය දවසක අදහස් දක්වමින් කියල තිබුනේ මෙලෙසයි

” මම පවුල් ජීවිතයට මුල් තැන දෙන කෙනෙක්. ඒ නිසා මම කැමතියි අවුරුද්දකට එක නිර්මාණයකට හෝ දෙකකට දායක වෙන්න. නමුත් කලා ජීවිතයට සමුදෙන්න නම් කිසිම අදහසක් නැහැ. විශේෂයෙන්ම මේ කටයුතු සාර්ථක කරගන්න මට අම්මාගෙන් සහ ස්වාමි පුරුෂයාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මොකද මගේ දරුවො දෙන්නා තියලා යන්න පුළුවන් විශ්වාසවන්තම දෙන්නා ඒ දෙන්නා විතරක් නිසා” කියලයි

කෙසේවෙතත් මහේෂි විවාහවෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමු වරයෙකු සමගයි. ඔහු නමින් සම්පත්. කොහොම නමුත් මේ යුවළ ඉතාමත් සතුටින් කාලය ගතකරන බවයි අපට දැනගන්නට ලැබුණේ. ඒ කොහොම උනත් ඕනෑම පවුල් ජීවිතයක පුංචි පුංචි ගැටළු සහගත තත්වයන් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේ වෙලාවක මහේෂිටත් සැමියාටත් කේන්ති ගියපු වෙලාවක ඒ කේන්තිය දරුවන් ඉස්සරහ පාලනය කරගන්නේ කොහොමද කියල ඇය පහුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් සමගින් එක්ව කියල තිබුනේ මෙලෙසයි

“කේන්ති ආපුහාම අපි දෙන්නම වාහනේ අරන් එළියට යනවා. වාහනය අරන් එලියට ගිහින් එළියේ කතාබහ කරලා ඒ ටික ඉවර කරගෙන ආපහු ගෙදර එනවා. දරුවෝ ඉස්සරහා අපි කිසිසේත් රණ්ඩු වෙන්නේ නැහැ. මොකද මගේ බබාගෙ වයස අවුරුදු 4 යි. ඒ කියන්නේ ඒ කාලේ ඒගොල්ල හොඳට වචන අල්ලගන්නවා. මං කේන්තියෙන් ඉද්දී දරුවා දන්නවා මම කේන්තියෙන් ඉන්නේ කියලා. අනික අපි අතර ලොකුවට එහෙම රණ්ඩු වෙන්නේ නැහැ. රණ්ඩුවක් ඇති කලොත් ඒකට මූලික වෙන්නෙ මම තමයි.” යනුවෙනුයි

කොහොමහරි ඉතින් යූටියුබ් සාකච්ඡාව අතරතුර අදහස් දක්වපු ඇය මේවෙනකොට ඉතාමත් ආදර්ශමත් පවුල් ජීවිතයක් තමයි ගත කරන්නේ. කොහොම උනත් මේවෙනකොට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ඇගේ ඉදිරි කලා කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්