Jun
17

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය ගැන අලුත් තීන්දුව

 
1650 Views
   
 

සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය

මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළේය .

ඔහු එම ඉල්ලීම කර ඇත්තේ විවිධ පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සහ දීර්ඝ කාලිනව බදු ආදායම් අහිමි වීමේ අවදානම සැලකිල්ලට ගෙනය .

සංචාර නීති ක්‍රියාත්මකවන මේ කාලසීමාවේදී මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් එය කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දී ඇත .

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්