May
29

අර්බුද මධ්‍යයේත් අන්තරේ හාස්‍යජනක හැසිරීම

 
587 Views
   
 

දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ බලය ජනතා විමුක්ති පෙරමුණ හිමිකරගෙන සිටියේය. ඒ අනුව 80 දශකයේ මුල සිට මෑතක් වන තුරුම, සෑම විශ්ව විද්‍යාලයකම ශිෂ්‍ය සංගමයන් ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයත් සමගම පැලපදියම් විය.

සමස්ත විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල එකතුව වන මහා සංගමය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස හැඳින්වේ. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය දෙකඩ වීමෙන් පසු, කැඩී ගිය කොටස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සමස්ත විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල බලය හිමිකර ගන්නා ලදී.

ඒ අනුව මේ වනවන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යනු, ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කොටස හෙවත් කුමාර් ගුණරත්නම් නායකත්වය දරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතවාදය අනුව කටයුතු කරන සංගමයකි.

පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ වන විට ආණ්ඩු විරෝධී රැල්ලක් රටපුරා ගෙන යමින්, කෝවිඩ් වසංගතයෙන්, දරුණු ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති, ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් නොවීමට කටයුතු කරමින් සිටින්නේ මෙම සංගමයයි.

ඔවුහු හෝ විචාර බුද්ධියකින් තොරව කටයුතු කරන ආකාරයක්, දක්නට ඇත. හිටපු අග්‍රාමාත්‍යවරයාට තනතුරින් ඉවත් වන ලෙස බල කරන ලද්දේ ඔවුන් විසිනි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු, පුරප්පාඩුව පැවති තනතුර භාරගැනීමට, ජනාධිපතිවරයා විසින්, අන්තරේ පක්ෂපාතිත්වය දක්වන ජනතා විමුක්ති පෙරමුණටද අවස්ථාවක් ලබාදීමට කටයුතු කළේය.

ඔවුහු එය මඟ හරිමින් කටයුතු කළහ. ඒ අතරේ අර්බුදකාරී අවස්ථාවක, රාජ්‍ය තාන්ත්‍රය ක්‍රියාත්මක කරවීම වෙනුවෙන්, හිටපු අගමැතිවරයෙකු නැවත වරක් පත්විය. ජනතාව, හුස්මක් ගන්න හැදුවා පමණි. නැවත වරක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය භීෂණය වපුරුවමින්, පත්වූ නව අග්‍රාමාත්‍යවරයාද තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් කටයුතු කරයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විචාර බුද්ධියකින් තොරව කටයුතු කරන ආකාරයක් සහ රට පත්ව ඇති දුෂ්කර තත්වයෙන් මුදවා ගැනීමට ඔවුන්ට අවශ්‍යතාවක් නොමැති බවට තව සාක්ෂි කුමකටද? උගතුන් යැයි කියාගන්නා බුද්ධිමත් භාවයෙන් වියුක්ත මෙම ජන කණ්ඩායම, ගැටලුවක් ඉදිරියේ, කටයුතු කරන ආකාරය හාස්‍ය ජනකය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්