Jul
12

අයියාට බලන්න ගිය මනමාලි මල්ලීට සෙට් වුන හැටි

 
2545 Views
   
 

අයියාට බලන්න ගියෙ වෙලාවේ මල්ලීට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි කියන මනමාලියක් පිළිබඳව පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම සිද්ධිය මෙසේයි. කෑගල්ල ප්‍රදේශයේ ගමක 31 හැවිරිදි තරුණයෙක් වරකපොල තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක කලක සිට සේවය කර තිබෙනවා. ඔහුගේ මවුපියෝ රජයේ රැකියා කර දැනට විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින අතර තරුණයාට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු හා බාල සහෝදරයෙක්ද සිටිනවා.

 

වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහ වී දඹුල්ල හා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර 27 හැවිරිදි බාල සහෝදරයා යුද හමුදා සෙබළකු බවයි වාර්තා වන්නේ. ඔහුද අවිවාහක පුද්ගලයෙක්. ඇඟලුම් ආයතනයේ සේවය කරන පුතාගේ කලවයස සම්පූර්ණ වීම හේතුවෙන් ඔහුට මනාලියක් සොයා දෙන ලෙස අල්ලපු ගමේ කපුකම් සේවය කරන කාන්තාවකට මව පවසා තිබෙනවා.

 

පසුව කපුකම් කරන කාන්තාව කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි උපාධිධාරිනියක වන මෑතක දී රජයේ රැකියාවක් ලැබී ඇතැයි කියන 26 හැවිරිදි තරුණිය පිළිබඳව තොරතුරක් තරුණයාගේ මවුපියන්ට දන්නවා තිබෙනවා. මනමාල මහතා සහ මවුපියන් මනමාලිය බැලීමට ඇගේ නිවසට යෑමට කපුකම් කළ කත කටයුතු කර ඇති අතර පවතින කොරෝනා වසංගතය නිසා විවාහය යෝජිත පුතා සහ නිවාඩුවට නිවසට පැමිණි හමුදා සෙබළකු වන බාල පුතාද මවුපියන් සමඟ 4 වනදා මනාලිය බලන්නට ගොස් ඇත.

 

පිරිස පිළිගැනීමෙන් පසුව මනාලියගේ මව තම දියණිය පිරිස ඉදිරියට කැඳවා ඇති අතර එහිදී යෝජිත විවාහයට දෙපාර්ශ්වයේම කැමැත්ත හිමි වී තිබෙනවා. කොරෝනා තත්ත්වය නිසා දිවා ආහාරය නොගෙනම මනාල පාර්ශවයේ උදවිය මනාලිය ඇතුළු පිරිසගෙන් සමුගෙන නැවත පිටත්ව පැමිණ ඇත. ඉන්පසු මව, සිය දියණියගෙන් මනාලයා පිළිබඳව විමසා ඇති අතර “මනාල මහතා හොඳයි. නරකක් නෑ. ඊට වඩා මම කැමතියි හමුදාවේ අයියාට. එයා ලස්සනයි. “ යනුවෙන් දියණිය පවසා ඇත. දියණියගේ වචන ටිකට මවට කර කියා ගන්නට දෙයක් නැති විය.

 

පසුව සිද්ධිය සම්බන්ධයෙන් මනාලියගේ මව එදින රාත්‍රියේ කපුකම් කළ කාන්තාවට දුරකථනයෙන් පැහැදිලි කර ඇති අතර එහිදී කාන්තාවද සිද්ධිය සම්බන්ධයෙන් විමතියට පත් වී මනාල මහතාගේ නිවසට පෙරේදා දිනයේ දී ගොස් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර දී තිබෙනවා. එහිදී මනාලයාගේ මවුපියන් කපු කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ, ” හා කමක් නෑ. කාට හරි හරියනවා නම් ප්‍රශ්නයක් නෑ.. කියායි. එම අවස්ථාවේදී හමුදා සෙබළාත් උපාධිධාරී මනාලියට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, එදින සවස උපාධිධාරි මනමාලිය සහ හමුදා සෙබලා දුරකථනයෙන් කතාබහ කර ඇති බවත් වාර්තා වනවා.

– මව්බිම –

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්