Feb
18

” මගේ ගෙවල් වාහන හැමදෙයක්ම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා ලංකාවේ ඉඳලා එහෙ ගිහින් එන්නත් යනවා” නතාෂා පෙරේරා

 
1092 Views
   
 

නතාෂා පෙරේරා කියල කියන්නේ ලංකාවේ අපි හැමෝම හදුනන ජනප්‍රිය චරිතයක්. කොහොම නමුත් මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයව මෙරට ජනයා මුලින්ම හදුනා ගන්නේ ගායන ශිල්පිනියක හැටියටයි. ඇත්තෙන්ම එලෙස ගායිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මේවෙද්දී නිවේදිකාව, ගායිකාවක වගේම රංගන ශිල්පිනියක ලෙසත් අපට හදුන්වන්න පුලුවනි

කොහොමහරි ඉතින් නතාෂා මේවෙනකොට විවාහකයි. ඇය විවාහ වෙන්නේ මෙරට ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගිනුයි. ඉතින් විවාහයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා කාලයක් විදෙස් රටක දිවි ගෙවනවා. කෙසේවෙතත් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් මේ දෙදෙනාව අපට කාලෙකින් අලුත් නිර්මාණයක් තුළින් දැකගන්නට නොලැබුන අතර නතාෂා පසුගිය දිනක ඇගේ අලුත්ම තොරතුරු කතාබහ කලේ මෙලෙසින්

” ජිවිතේ හොඳයි සතුටින් සුපුරුදු වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ටික කාලෙකට කලින් ලංකාවට ඇවිත් සින්දුවක් කළා, තව හින්දි සින්දුවක කවර් එකක් කරන්නත් හිතාගෙන හිටියත් රටේ ඇතිවුණු තත්වය නිසා ගොඩක් දේවල් අතපසු වුනා. ප්‍රිහාන් සහ මම විවහා වුනාට අපි දෙන්නම ආවේ වෙනම ගමනක් නිසා ඒ විදියටම ඉස්සරහටත් වෙන වෙනම නිර්මාණ කලාට ප්‍රශ්නයක් නැහැ කියලා අපිට හිතුනා. අනිත් අය කරන විදියට කරන්න ඕන කියලා අදහසක් අපි දෙන්නගේ නැහැ.”

කොහොම නමුත් නතාෂා සහ ප්‍රිහාන්ව වැඩිය ක්ෂේත්‍රය තුළ කාලයක් දැකගන්නට නොලැබීමත් සමග බොහෝදෙනෙකු අතර කටකතාවක් හුවමාරු වුනා නතාෂා ප්‍රිහාන්ගෙන් දික්කසාද වෙලා කියල. ඉතින් ඊට පිළිතුරු ලබා දෙමින් ඇය මේ කටකතාවන් ගැන කිව්වේ මේ වගේ කතාවකුයි.

” මන් ප්‍රිහාන් එක්ක දික්කසාද වෙලා කියලා සමහරු කටකතා එහෙමත් හදලා තිබුනා. ඒවා නම් අදක ඊයෙක ඇහෙන දේවල් නෙවෙයි නිසා ගණන් ගන්නේ නැහැ. මිනිස්සු එහෙම හිතන්න ඇත්තේ අපි දෙනනා වැඩිය එකට දකින්න ලැබෙන්නේ නැති නිසා වෙන්න ඇති. ප්‍රිහාන් සහ මම එකටම නිතර ගමන් බිමන් යන්නෙ නැහැ ෆොටෝ දාන්නෙ නැහැ. දැනට මම නීතිඥ වෘත්තියත් කරනවා, 2015දී මන් නීතිඥ වරියක් විදියට දිවුරුම් දුන්නේ” කියලයි

කොහොමහරි ඉතින් 2015දී මන් නීතිඥ වරියක් විදියට දිවුරුම් දුන්නා කියන ඇය කියන්නේ කලාවට ආවත් මගේ සම්පුර්ණ කාලයම ඒ වෙනුවෙන් යෙදෙව්වේ නැහැ කියලයි. ඒ වගේම ඉගෙනීමට නීතිය පැත්තට තමා වැඩි කාලයක් යෙදෙව්ව බව කියන නතාෂා කියන්නේ මේ දෙපැත්තම සමබරව කරන්න උත්සාහ කරනවා කියලයි. එපමණක් නොවෙයි මම ලස්සනට සුදුවට ඉන්න එක ගැනත් විදිද කතා හැදෙනවා කියන ඇය ඒ පිළිබඳ කිව්වේ මේ වගේ කතාවකුයි

” මුලින්ම කියන්න ඕන ලස්සනට ඉන්න හිත පිරිසිදු වෙන්න ඕන, මුහුණේ ලස්සනටත් වඩා හදවත ලස්සනයි නම් ඕනම කෙනෙක්ට ප්රියමනාප වෙනවා. මගේ ගෙවල් වාහන හැමදෙයක්ම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා ටික දවසක් ලංකාවේ ඉඳලා එහෙ ගිහින් එන්නත් යනවා” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්