Nov
15

රට ගැන සිතා හදපු සීනි බෝල, ලොසින්ජර නොවන අයවැය

 
1415 Views
   
 

ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 76 වන අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. එය මුදල් අමාත්ය වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ පළමු අයවැය ඉදිරිපත් කිරීමයි.

රටේ සෞභාග්යය සහ අනාගත ආර්ථිකයේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා දුර දිග දුරදිග බ දිග බලා කටයුතු කරන නායකත්වයෙන් සහ බුද්ධිමත් දේශපාලන දර්ශනය කින් යුත් මෙම අයවැය ප්රධාන වශයෙන් රටේ ජනතාවගේ රට තුළ පවතින සම්පත් නිසි ලෙස භාවිතා කිරීමේ ශක්යතාවයන් ඉතාම හොඳින් පිළිබිඹු වන අයවැය යෝජනාවක්. 

ප්රධාන වශයෙන් ශ්රී ලංකාවේ යටිතල පහසුකම්, ආර්ථික වර්ධනය, කෘෂිකාර්මික ඉදිරි දැක්ම ගොවියා පිළිබඳව ඉදිරි දැක්ම, එමෙන් ම රටේ ජනතාවගේ මූලික අවශ්යතාවයන් පිළිබඳව මනාව සැලකිලිමත් වූ අය-වැයක් ලෙසත් මෙය හඳුන්වා දිය හැකියි. 

වසංගත සමයත් සමඟ අසීරු කාලයක් පසු කළ පසුවත් රටේ ආර්ථික වර්ධනය පිළිබඳව අභියෝගාත්මක වපසරියක් තුළ නිර්මාණය වූ මෙම අය-වැය තුළින් හැකි උපරිමයෙන් අවශ්යතාවය සහිත අංශ කරා මුදල් වෙන් වී ඇති බව අපට දකින්නට ලැබෙන කරුණක්. 

අනෙකුත් වසරවලට සාපේක්ෂව මෙවර අයවැය දේශීය කෘෂිකර්මාන්තය කෙරෙහි දේශීය නිෂ්පාදන කෙරෙහි සහ යටිතල පහසුකම් වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. 

ඒ අනුව කාබනික වගාව සඳහා නව මාවතක් වෙන්කර තිබෙන අවදියක ගොවියාට අවශ්ය සහන ආධාර ලෙස හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමටත් වල්පැළහරණය සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. ඕස්ට්රේලියාව, චීනය, ආජන්ටිනාව වැනි රටවල් පවා මේ වන විට වස විස නැති කාබනික වගාව වගාවකට යොමු වී තිබෙන අතරතුර ශ්රී ලංකාව මෙවැනි පියවරක් ගැනීම ලෝකයේම අවධානය අවධානය දිනා ගැනීමට සමත් වන්නාක්. 

ශ්රී ලංකාවේ මෑත කාලීනව මෑත කාලීනව ඇති වූ පානීය ජල අවශ්යතාවය සැලකිල්ලට ගනිමින් මෙවර අය වැයෙන් අය වැයෙන් සැමට පානීය ජලය ලබාදීම ඉලක්ක කරගනිමින් ව්යාපෘති වලට අදාළව රුපියල් මිලියන 33,963ක් වෙන් කිරීමට සූදානම් ව තිබෙනවා. 

එසේම ලෝකයම ගෝලීය ආර්ථික රටාවක ට සහ වෙළෙඳපොළ හුවමාරුවකට සූදානම් සිටින අවදියක දකුණු ආසියාවේ ආර්ථික මර්මස්ථානයක් ලෙස ශ්රී ලංකාව පත් කිරීමට අවශ්ය පසුබිම සැකසීම උදෙසා ආයෝජන කලාප බිහි කිරීම ඉතාම වැදගත් කරුණක්. ආයෝජන කලාප බිහි කිරීමට නම් ඒ ආශ්රිත යටිතල පහසුකම් ඉතා ඉක්මනින් දැවැන්ත ලෙස සංවර්ධනයට ලක් කිරීම පිළිබඳව රජය මෙවර අය වැයෙන් අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. 

ඒ අනුව ආයෝජන කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දැනට පවතින මුදල් වෙන් කිරීමට අමතරව මෙවර අය වැයෙන් තවත් රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට සූදානම්. දේශීය වශයෙන් අපේ දේ රැකගනිමින් පාරම්පරික ගෘහස්ථ නිෂ්පාදන හෙවත් දේශීය කලාත්මක නිෂ්පාදනයන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට රජය සලසුම් කර තිබෙනවා. 

ඒ අනුව බලන විට පසුගිය වසරවල යහපාලනය මුවාවෙන් රටේ සංවර්ධනය මායාවක් බවට පත්කළ පාර්ශවයන් උදෙසා කදිම පිළිතුරක් ලෙස මෙවර අය-වැය ප්රධාන වශයෙන් අවධානය යොමු කර තිබෙන අංශ ඉතාම වැදගත් වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්