Dec
31

මවගේ නොසැලකිල්ලෙන් මාස 15ක කුඩා දරුවා වතුර බකට්ටුවට වැටී මිය යයි

 
1217 Views
   
 

වසරකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකු වතුර බකට්ටුවකට වැටී මිය යාමේ සිදුවීමක් ගෝනගංආර පොලිස් බල ප්රදේශයට අයත් වගුරුවෙල, දඹගස්කොටුව ප්රදේශයෙන් වාර්තා වේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (30) දහවල් මෙම අනතුර සිදුවී ඇති බව ය. 

මිය ගිය දරුවාගේ දෙමව්පියන් ඒ අවස්ථාවේ ගෙවත්තේ වගා කටයුතුවල නිරත වෙමින් සිට ඇති බව අප වාර්තාකරු පැවසී ය. අප වාර්තාකරු සඳහන් කළේ, නිවසට මිටර් 50ක් පමණ දුරින් පිහිටි අඩක් වතුර පිරි තිබූ මෙම බකට්ටුවෙහි දරුවා හිස පහළට සිටින සේ වැටී හිඳ ඇති අතර අනතුර සිදු වී පැය භාගයකට පමණ පසුව දරුවා සොයා ගෙන ඇති බව ය. 

පසුව වහා ම දරුවා බුත්තල රෝහලට රැගෙන ගොස් ඇත ත් ඒ වන විට ද දරුවා මිය ගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙකු අප වාර්තාකරු වෙත සඳහන් කර ඇත. සිදු වූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවාගේ පියා අප වාර්තාකරු හා මෙසේ පවසා තිබේ. 

“පුතා ගේ නිදිකරලා තිබුණේ. මම ත් ‌නෝනා ත් දුව ත් වත්තේ වගාවට පස් දමමින් හිටියා. සැරින් සැරේ මම ත් බිරිඳ ත් දරුවා ඇහැරිලා ද කියලා බලන්න ගෙදරට ආවා. මම ඇවිල්ලා බලනකොට දරුවා පේන්න හිටියේ නෑ. හැම තැන ම හෙව්වා කතා කළා. හොයා ගන්න බැරිවුණා. අන්තිමට තමයි මේ බාස්කට් එකේ බැලුවේ. එතකොට ඒක ඇතු‌ළේ වැටිලා හිටියා.” 

මෙම ම ර ණ ය ට අදාළ හදිසි ම ර ණ පරික්ෂණය වැල්ලවාය හදිසි ම ර ණ පරික්ෂක එච්.එම්.ජේ හේරත් මහතා විසින් ඊ‌යේ සවස සිදු කර ඇත. 

අප වාර්තාකරු සඳහන් කළේ, මව්පියන්ගේ නොසැලකිල්ල හා අනාරක්ෂිතකම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි හදිසි ම ර ණ පරික්ෂකවරයා පැවසූ බව ය. සාක්ෂි සටහන් කර ගැනීම ගෝනගංආර පොලිස්ථානයේ පොලිස් සැරයන් ගාමිණි රත්නායක මහතා සිදු කර ඇත.

 අප වාර්තාකරු සඳහන් කළේ, බුත්තල රෝහලේ තැන්පත් කර තිබූ මෙම දරුවාගේ දේහය වැඩිදුර පරික්ෂණ සඳහා මොනරාගල මහා රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්යවරයා වෙත යොමු කරන ලෙස හදිසි ම ණ පරික්ෂකවරයා විසින් පොලිසියට නියෝග කරනු ලැබූ බව ය. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගෝනගංආර පොලිසිය සිදු කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්