Feb
12

“ඔයා ඉස්සෙල්ලා ෆූල් එකෙන් එලියට එන්නකො ඊට පස්සේ ඉතුරු ටික බලමු” සමාජ මාධ්‍යය තුළ ප්‍රසිද්ධියේම දිනක්ෂි සිය රසිකයෙකුට දුන්නු සැර පිළිතුර

 
1040 Views
   
 

මේවෙනකොට සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන කලා ශිල්පීන් දෙදෙනෙකු තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ. ඇත්තෙන්ම කලා ක්ෂේත්‍රය තුළ වගේම සමාජ මාධ්‍ය තුළත් ජනතා ආකර්ෂණය දිනාගත් සුන්දර යුවළක ලෙස ඔවුන්ව අපට හදුන්වන්න පුලුවනි. ඉතින් ඒ නිසාවෙන්ම ලාංකිකයන් මේ යුවළ කෙරෙහි විමසිල්ලෙන් පසුවෙනවා

කොහොමහරි ඉතින් මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක සමගින් පළමුව විවාහවෙන සාරංග දිනක්ෂි සමගින් විවාහවෙන්නේ ඔහුගේ දෙවනි විවාහය හැටියටයි. ඒ හේතුව නිසාවෙන්ම ඔහුට බොහෝදෙනෙක් විවිධාකාරයේ චෝදනාවන් එල්ල කරනු ලැබුවා. එලෙස එල්ලවෙන සියලු නින්දා ප්‍රසංසා විවේචන මැද සාරංග දිනක්ෂි ගෙවන්නේ ආදර්ශමත් වගේම අපූරු සාර්ථක පවුල් ජීවිතයක්. මොවුන් නිරන්තරයෙන් සමාජ මාධ්‍යට ජායාරූප එකතු කරන අතර එලෙස එකතු කරන ඡායාරූප දකිනකොට ඒ බව මනාව තහවුරු වෙනවා

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් මොවුන් ගත කරන්නේ ඉතාමත් කාර්‍යබහුල ජීවන රටාවක් වුවද ඉස්සර වගේ විනෝද වෙලා සතුටින් කාලය ගතකිරීමට සාරංගත් දිනක්ෂිත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාවෙන්ම මේ යුවළ පසුගිය දිනක සිය පවුලේ සාමාජිකයන් සමගින් අපූරු චාරිකාවක් යන්නත් කටයුතු කර තිබුණා

කෙසේවෙතත් මීට කලකට පෙරදී විවාහවෙන සාරංග දිනක්ෂි යුවළ මේවෙද්දී සිගිති දියණියකගේ ආදරණීය මව්පියන්. ඒ කොහොම උනත් නිරන්තරයෙන් විනෝදවීමට කැමති සාරංග දිනක්ෂි ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමගින් නිරතවන සංචාරයන්හි සුන්දර ජායාරූප නිරන්තරයෙන් සමාජ මාධ්‍යට එක් කිරීමටයි කටයුතු කරන්නේ. ඉතින් පසුගිය දවසක ඒ විදිහට සංචාරයක නිරතවු දිනක්ෂි පූල් එහෙක කකුල් දෙක දාගෙන හිනාවෙලා ඉන්න පින්තූරයක් සිය සමාජ මාධ්‍ය ගිනුමට එක්කිරීමට කටයුතු කර තිබුණා

ඉතින් මේ ආකාරයට ඇය එක්කළ ජායාරූපය දැකපු බොහෝ දෙනෙකු ඇය ඇඳගෙන හිටපු ඇඳුමට නොයෙකුත් ආකාරයේ විවේචන එල්ල කර තිබුණා. ඒ විතරක් නොවෙයි එලෙස අදහස් දක්වපු පිරිස අතර මේ දෙදෙනාටම සුභ පැතුම් එක්කළ අයත් හිටියා. කොහො නමුත් සාරංග දිනක්ෂි මේ යුවළ ඉස්සර ඉඳන්ම ටිකක් සැරට කමෙන්ට් එකක් දාපුහම ඒකට ප්‍රති උත්තර ලබා දෙන්නට අමතක කරන්නේ නැහැ

කොහොමහරි ඉතින් ඇය මේ විදිහට සමාජ ජාලා මාධ්‍යට එක්කළ ජායාරූපයේ caption එක ලෙස ඇය I was going for swim කියලා තමයි එකතු කරලා තිබුණේ. ඉතින් මේ විදිහට එක්කළ ඡායාරූපයට එක්තරා රසිකයෙක් එකතු කරපු අදහසකට දිනක්ෂි අමුතු පිළිතුරක් ලබාදීමටයි කටයුතු කරන්නේ. ඇගේ මේ ජායාරූපයට ඔහු එක්කර තිබුනේ මෙවැනි ආකාරයේ අදහසක්

“තව ටික දවසකින් going to poop with baby and සාරංග “ ඉතින් මේ ආකාරයට ඔහු එකතු කළ අදහසට දිනක්ෂිත් පිළිතුරු ලබාදීල තිබුණා. ඒ අදාළ පුද්ගලයා නාන තටාකයක ඉඳගෙන ගත්තු ඡායාරූපයකුත් සමගිනුයි

එහිදී ඇය සටහන් කර තිබුනේ “ඔයා ඉස්සෙල්ලා ෆූල් එකෙන් එලියට එන්නකො ඊට පස්සේ ඉතුරු ටික බලමු.” කියලයි

ඉතින් මේ විදිහට දිනක්ෂි එක්කළ පිළිතුරු දැක්වීමට මේවෙනකොට බොහෝ දෙනෙක් විවිධ ආකාරයේ අදහස් එකතු කර තිබෙනවා. කොහොම නමුත් මේ විදිහට ලැබෙන විවේචන මැද්දේ ඔවුන් ඉතාමත් සාර්ථකව වගේම විනෝදකාමීව සිය පවුල් ජීවිතය ගත කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්