Oct
28

සුඛෝපභෝගී නිවාස 404 කින් යුතු මහල් 68ක් ඇති නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය

 
758 Views
   
 

කොළඹ නගරයේ ඉදිකෙරුණු නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය 2021/10/27 වන දින විවෘත විය.ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. වෙළඳ සංකීර්ණය ALTAIR ලෙස නම් කර ඇත.බහුමහල් මිශ්‍ර නිවාස ව්‍යාපෘතියක් වන මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියකි. ආර්ථිකමය වශයෙන් විශාල වැදගත් කමක් ඇති මෙම ව්‍යාපෘතිය ඉංදියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාවය පිළිඹිබු කරයි.

සියලු පහසුකම් වලින් සමන්විත මෙම නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණයේ දැනටමත් අලෙවි කරන ලද නිවාස ඉදිරි සති කීපය තුළ ඒවායේ හිමිකරුවන් වෙත නිළවශයෙන් භාරදීමට නියමිතයි. ලෝකප්‍රසිද්ධ වාස්තු විශේෂඥ මෝෂේශ් ශාෆ්ඩි ALTAIR ගොඩනැගිල්ලේ නිර්මාතෘ වරයාය.කලාත්මක බවින් සපිරි සියලු පහසුකම් වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය අක්කර දෙකක භූමි භාගයක් පුරා ඉදිකර ඇත. මෙම නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය මහල් 68 කින් සමන්විතයි. මෙහි ඇති සුඛෝපභෝගී නිවාස ගණන 404 කි. මෙරට ඉංදීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.
ALTAIR දේපල වෙළඳාම් ක්ශේත්‍රයට නවතම අත්දැකීමක් මෙන්ම කොළඹ නගරයට ආලෝකයක් ද වනු ඇත. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්