Jun
14

ලංකාවේ නම ලෝකෙට අරන් ගිය ලංකාවේ සුරූපී රූප රාජිනියන් මෙන්න

 
2380 Views
   
 

නිරූපණ ක්ශේත්‍රය යනු, ලොව පුරාම වගේම ශ්‍රී ලංකාවේද වඩාත් ජනප්‍රිය අංශයක්. මහජනයා අතරද වඩාත් කතාබහට ලක්වන නිරූපන අංශයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලට ගෙන ගිය නිරූපිකාවන්ද මේ අතර සිටීනවා. ඔවුන් ලෝක රූ රැජිණ තරගාවලිවලට එක්වෙමින් ශ්‍රී ලංකාවට මහත් වූ ගෞරවයක් ගෙන එන්නට සමත්වුනා. ඉතින් අප අද කතා කරන්න හිතුවේ එලෙස ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය රූ රැජිණියන්  කිහිප දෙනෙකු ගැනයි. ශ්‍රී ලංකා නාමය ලොව තුල බැබලවූ රූප රාජිනියන් හා ඔවුන් ගැන ඔබ නොදන්නා දේවල් ටිකක් තමා මේ අපි එකින් එක බලමු මේ අය අතරින් ඔබත් ආදරේ කරන අයද මෙතන සිටිනවා ඇති.

01.කැරොලයින් ජූරි.1992 වර්ශයේ උපත ලබන කැරොලයින් ජූරි 2019 වර්ශයේ ශ්‍රී ලංකාවට ඉහල කීර්තියක් ගෙන එන්නට සමත් වෙනවා. 2020 වසර සදහා වන ලෝක විවාහක රූ රැජිණ කිරුල දිනාගන්නට ඇය සමත්වූ අතර එය 21 වන ශතවර්ශයේ නිරූපණ අංශයෙන් ශ්‍රී ලංකාව ලැබූ ඉහලම ජය ලෙස හඳුන්වන්නද පුළුවන්. එවැනි ජයක් ශ්‍රී ලාංකික කාන්තාවක් ලබාගත්තේ වසර 35 කට පසුවයි. කඳාන ප්‍රදේශයේ උපන් ඇය එක් දරු මවක් වන අතර, තමන්ගේ සැමියාගේ දිරි ගැන්වීම නිසා ඇය පසුගිය වසරේ මිස් වර්ල්ඩ් 2020 තරගාවලියට ද ඉදිරිපත් වී ඇති බව සඳහන්.

 

 

02.රෝසි සේනානායක, බර්නාඩින් රෝස් සේනානායක,(රෝසි සේනානායක ලෙස හැඳින්වේනවා )ඇය උපත ලබන්නේ 1958 ජනවාරි 5 1 ඇය දැනට ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ සාමාජිකාවක් වෙනවා තවද ඇය හිටපු රූපලාවණ්‍ය රැජිනක් සහ ක්‍රියාකාරිනියක් වෙනවා ඇය වර්තමාන කොළඹ නගරාධිපතිනියයි,රෝසි රාමනායක වූ ඇය රෝසි සේනානායක බවට පත්වූයේ අතුල සේනානායක සමග විවාහ වීමෙන් පසුවය. 1985 වර්ශයේදී ඇය ලෝක විවාහක රූ රැජිණ බවට පත්වන්නට සමත් වෙනවා එය එවකට ලෝක රූ රැජිණ තරගාවලි වලින් ශ්‍රී ලන්කාව ලබා තිබූ ඉහලම කීර්තිය ද වේනවා. එලෙස ශ්‍රී ලන්කාවට මහත් ගෞරවයක් ගෙන එන්නට සමත්වූ රෝසි සේනානායක පසුකාලීනව දේශපාලනයෙද කැපී පෙනෙන චරිතයක් වෙනවා

 

03. ජැකලීන් ෆර්නෑන්ඩෙස්. 1985 වර්ශයේ බහරේන් හීදී උපත ලැබූ ජැකලීන්ගේ පියා ශ්‍රී ලාන්කිකයෙකු වෙනවා එමෙන්ම මව මැලේසියානු සම්බවයකින් පැවත එන අයෙකු අතර ජැකලින් කුඩා කාලයේ සිටම බොලිවුඩ් නිලියක් වන්නට සිතාගෙන සිට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ 2006 වර්ශයේ මිස් ශ්‍රී ලන්කා තරගයෙන් ජයගන්නට ඇය සමත් වෙනවා එම වසරේදීම මිස් යුනිවර්ස් තරගාවලියට ශ්‍රී ලන්කාව නියෝජනය කරමින් සහබාගී වන්නට ඇය සමත් වෙනවා. 2009 වර්ශයේදී ඇලඩින් චිත්‍රපටයේ ප්‍රින්සස් ජස්මින්ගේ චරිතයට පණ පොවමින් බොලිවුඩ් සිනමාවට පා තබන්නට ජැකලින් සමත් වෙන අතර ඇයගේ පලමු චිත්‍රපටයෙන්ම වසරේ නැගී එන නිලිය සම්මානය දිනාගන්නට ජැකලින් සමත්වනවා. ඉන්පසුව තවත් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රැසකට රන්ගනයෙන් දායකත්වය සැපයූ ජැකලින් අද වන විට සුපිරි බොලිවුඩ් නිලියක් බවට පත්ව ඉන්දියාවේ ජිවත් වෙනවා ඇයත් අපේ රටේ නම ලෝකෙට ගෙනියන්න දායක වුනු කාන්තාවක් වෙනවා

 

 

04.ස්ටෙෆනි සිරිවර්ධන. ද වොයිස් ඔෆ් ටීන් ශ්‍රී ලංකා තරගාවලිය නිසාවෙන් මෑතකාලයේ කතාබහට ලක්වූ ස්ටෙෆනි 2011 වර්ශයේ මිස් ‍යුනිවර්ස් ශ්‍රී ලන්කා බවට පත්වන්නට ස්ටෙෆනි සමත්වෙනවා එමෙන්ම එම වසරේම විශ්ව රූ රැජිණ තරගාවලියට එක්වන්නටද ඇය සමත්විය. නිරූපණයෙන් එලෙස ශ්‍රී ලන්කාවට කීර්තියක් ගෙන එන්නට සමත්වූ ස්ටෙෆනි ජනප්‍රිය ගායක දුශ්‍යන්ත් වීරමන් සමගින් විවාහ වෙනවා

 

05.අරුණි රාජපක්ශ. අරුණි රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකා රූපලාවණ්‍ය රැජිනක්, චිත්‍රපට නිළියක්, රූපවාහිනී නිවේදිකාවක් රූපලාවණ්‍ය සංදර්ශන, සිනමා හා විලාසිතා කර්මාන්තයේ විවිධ සම්මාන ඇය ලබා ගෙන තිබෙනවා ඇගේ චිත්‍රපට මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට අතර පෙරමුණ ගන්නවා ඇගේ රූපවාහිනී වැඩසටහන් ඉහළම ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීම් ලබා ඇති අතර ඇය ශ්‍රී ලංකාවේ වැඩිම මුදලක් ගෙවන රූපවාහිනී ඉදිරිපත් කරන්නන් සහවැඩිම මුදලක් අයකරන නිරූපිකාවන්ගෙන් කෙනෙක් වෙනවා. කල්පිටියේ උපත ලබන ඇය හැදුනේ වැදුනේ මහනුවර පසුව අරුණි නලින් සමරාවික‍්‍රම සමඟ විවාහ වී ඇති අතර ඇය නිවුන් දැරියන්ගේ මවක් වෙනවා. ඇය තිදෙනෙකුගෙන් යුත් පවුලකින් පැවත එන අතර ඇයගේ පියා විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන අතර මව ගෘහණියක් වෙනවා 2004 වසරේදී උඩරට මැණිකේ කිරුල හා 2005 වසරේදී කැප්‍රි බියුටි කුයීන් බවට පත්වන්නට අරුණි සමත් වෙනවා අනතුරුව 2007 වර්ශයේදී මිස් ශ්‍රී ලන්කා බවට පත්වන්නට ඇය සමත්වූවා. එමෙන්ම 2008 වර්ශයේ පැවති මිස් යුනිවර්ස් තරගාවලියේ ශ්‍රී ලන්කා නියෝජනය වූයේද ඇයයි. 2012 වසරේ පැවති බ්‍රයිඩ් ඔෆ් ද වර්ල්ඩ් තරගයේ තෙවන තැන දිනාගන්නටද ඇය සමත්විය.

 

 

06.රමණී බෝතලෝමස්. වයස අවුරුදු 16 දී චිත්‍රපට නිලියක් ලෙස එක්වන ඇය යුගාන්තය චිත්‍රපටයේ රන්ගනයෙන් දායක වෙනවා.1985 වර්ශයේදී මිස් ශ්‍රී ලන්කා කිරුල දිනාගන්නට ඇය සමත් වෙනවා එම වසරේදීම මිස් යුනිවර්ස් තරගාවලියට සහබාගී වන්නටද ඇය සමත්විය. ඉන්පසුව පුන්චි තිරය හරහා ජනතාවගේ ආදරය දිනාගත් ඇය 1987 වර්ශයේදී අවාසනාවන්ත මෙලොවින් සමුගන්නා විට ඇයගේ වයස අවුරුදු 20 කි.ඇය එකල ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි ගේ පෙම්වතියද වෙනවා තවමත් ඇය සමුගත් හැටි කාටවත්ම හොයාගන්න බැරි දෙයක් 80 දශකයේ රුපරාජිනියක් ලෙස ඇය ලංකාවේ හොද නමක් තියාගෙන හිටපු තරුණියක් වෙනවා

 

 

07. අනර්කලී ආකර්ශා. ඉතා ලාබාල වයසින්ම රන්ගයට එක්වන්නට වරම් ලැබී අනර්කලී වයස අවුරුදු 15 දීම පිස්සු ට්‍රිබල් චිත්‍රපටය හරහා ජනතාව අතර ජනප්‍රිය වන්නට සමත් වෙනවා ලන්කාවේ එදා මෙදා තුර ජනප්‍රියම නිලිය බවට පත්වන්නට සමත්වූ ලාබාලතම නිලිය ඇය වේනවා එමෙන්ම 2004 වර්ශයේදී මිස් ශ්‍රී ලංකා බවට පත්වන්නට අනර්කලී ආකර්ෂා සමත් වෙනවා එම වසරේම මිස් යුනිවර්ස් තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නටද ඇය සමත්විය.මේ වෙන විට විදේශීය පුත්ගලයෙක් සමග විවහා වී අනර්කලී ආකර්ෂා විදෙස් රටක ජිවත් වෙනවා

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්