Nov
21

මන්නාරම වෙරළට ගොඩගැසූ අමුතු පෙට්ටිය කුමක් ද?

 
2086 Views
   
 

මන්නාරම යුද්ධ හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් ඊයේ (20) සවස ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මන්නාරම සවුත්බාර් යුද්ධ හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට හඳුනා නොගත් පෙට්ටියක් ගොඩගසා ඇති බවට ප්‍රදේශයේ ධීවරයෙකු දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බව ය.

අනතුරුව එම ස්ථානයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව පැමිණ අදාළ පෙට්ටිය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් අදාළ පෙට්ටිය පරික්ෂා කිරීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ, එහි බිය විය යුතු අන්දමේ කිසිවක් නොමැති බව ත් එය කාලගුණික විපර්යාසයන්හි වෙනස් වීම් සහ කාලගුණික තත්ත්වයන් පරික්ෂා කිරීම් සඳහා යොදාගත් සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් බවට සැක කරන බවත් ය.

එම උපකරණය මුහුදේ නොගිළෙන අයුරින් සෘජුෆෝම් පෙට්ටියකට සවිකොට ඇති අතර එය කවුරුන් විසින් මුහුදට දැමුවේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

බොහෝ සෙයින් මෙම පෙට්ටිය නැව්වලින් දමන්නට ඇති බව ත් එම උපකරණය අමෙරිකාවේ නිෂ්පාදනයක් බව ත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා ඇත.

කෙසේ නමුත් එම උපකරණය මේ වන විට දැඩි අබලන් තත්ත්වයේ පැවතීම සහ දවස් කිහිපයක් මුහුදේ පාවීම හේතුවෙන් එම උපකරණයට හානි සිදුවන්නට ඇතැයි මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ සිදු කරනු ලබයි.

01.

02.

02.

04.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්