Jul
25

චිත්‍රපට තුළින් පමණක් වීරයන් නො වී සැබෑ ජීවිතෙත් වීරයන් වෙන්න.. – ජනප්‍රිය නළු විජේයිට අධිකරණය දුන් දැඩි අවවාදය – Photos

 
2804 Views
   
 

දමිළ නළු විජේ විසින් ආනයනය කරන ලද ඔහුගේ Rolls Royce Ghost වර්ගයේ සුපිරි මෝටර් රථය බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මදුරාසි මහාධිකරණයෙන් කළ ඉල්ලීම පසුගියදා නි ෂ් ප්‍රභා කර තිබිණි.

බදු ගෙවීම සඳහා ඔහුට සති දෙකක කාලයක් ලබාදෙන බවත් අධිකරණය විසින් ඔහු වෙත දන්වා තිබුණා.

මෙය ජාතික වි රෝධී පුරුද්දක් බව විනිසුරු එස්.එම්. සුබ්‍රමනියම් පවසා තිබුණා. මෙම නළු නිළියන් සමාජයට සමාජ සාධාරණත්වය පෙන්වා දෙන වීරයන් ලෙස පෙනී සිටියත් මේ ආකාරයට බදු පැ හැ රහැරීම එම ප්‍රතිරූපයට පට හැනි බව විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණා.

නියමිත වේලාවට වහාම බදු ගෙවන පුද්ගලයා සැබෑ වීරයකු වන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් පවසා තිබුණා. මේ පිළිබඳව විජේ විසින් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නො’මැත.(මව්බිම)

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්