Nov
22

කැරකෙන නගුල බලන්න ගිය දරුවා නගුලට හසුවී මිය යයි

 
3630 Views
   
 

වව්නියාව, ඕමන්ත, පාලමොට්ටෙයි ප්රදේශයේදී අවුරුදු 05 ක් වයසැති කුඩා දරුවෙකු සී සාමීන් තිබූ ට්රැක්ටරයක නගුලට හසුවීමෙන් ඊයේ (21)දින මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

මිය ගිය දරුවාගේ මාමා වගාවක් සඳහා ට්රැක්ටරයකින් ඉඩමක් සී සාමින් සිටි අවස්ථාවේදී මිය ගිය දරුවා සමග තවත් දරුවෙකු අසල සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී එක වරම කුඩා දරුවෙකු ට්රැක්ටරයේ නගුල තුළට රිංගීමෙන් එයට හසුවී බරපතළ තුවාල ලබා ඇති අතර දරුවා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලට රැගෙන ගිය ද ඒ වන විටත් දරුවා මිය ගොස් සිට ඇත.

අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණ සැලකිල්ලට ගනිමින් පොලිසිය පැවසුවේ, දරුවා යම් විටෙක ට්රැක්ටරයේ කැරකෙන නගුල බැලීමට එකවරම රිංගීමට ගත් උත්සහයකදී නගුලට හසුවී මෙලෙස මිය ගොස් ඇති බවට සැක පළ කරන බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ පාලමොට්ටෙයි ප්රදේශයේම පදිංචි 05 හැවිරිදි කේ. කදීසන් නැමති පිරිමි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්