Oct
5

පාසැල් අධ්‍යාපනයේ හෙට දවස

 
377 Views
   
 

ද රු ව න්ට සුරක්ෂිත අනාගතයක් උදාකරන්නේ කෙසේ ද? කොවිඩ් වසංගතය තුළ මුළු මහත් ලෝකය මුහුණ දෙන ගැටලුවක් ලෙස එය පවතී. ඊට අදාළ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ, බිඳ වැටුණු අධ්‍යාපනය නැවත සක්‍රීය කර, ද රු වන් ඒ සඳහා යොමු කිරීමය. මේ වන විට ලොව පුරා බිලියන එකසිය විසි ගණනක් දරුවෝ පාසල් වසා දැමීම නිසා අතරමං වී සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තු හා සැලසුම් කඩා වැටී ඇත. මානසික අසහනය ළමා සමාජ පුරා පැතිර යන්නට පටන් ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දී ඇත්තේ, සෑම රාජ්‍යයක්ම අධ්‍යාපන ආයතන විවෘත කර, ද රු වන්ගේ ජීවිත සුරක්ෂිත කළ යුතු බවය. ශ්‍රී ලංකාව පාසල් විවෘත කිරීමට දක්වන උනන්දුව එම ආයතනයේ පැසසුමට ලක් වී ඇත.

පියවරෙන් පියවර රටේ සියලුම පාසල් විවෘත කිරීමටත්, විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටත් විධිමත් වැඩසටහනක් ආණ්ඩුව සකස් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන අන්දමට ඉතා ඉක්මනින් පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියමිතය. මෙහිදී රජය යම් අවදානමක් භාර ගෙන ක්‍රියා කරන බව ප්‍රකාශ වී ඇත. සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස අනුගමනය කරමින් හා එන්නත් ලබා දෙමින් අධ්‍යාපන ක්‍රියාවලිය සක්‍රීය කිරීම ආණ්ඩුවේ පිළිවෙත වී ඇත. ඒ අනුව ගුරුවරුන්ට පමණක් නොව; අනධ්‍යයන කාර්යමණ්ඩලයට ද එන්නත් ලබා දී ඇත. මෙහිදී ආණ්ඩුව කෙතරම් පරීක්ෂාකාරී වී තිබේ ද යත්; පාසල් වෑන් රථවල සේවක මණ්ඩලවලට ද එන්නත් දී තිබේ. පළමුව විවෘත කරන්නේ ශිෂ්‍ය ජනගහනය අඩු පාසල් බව කියති. එය හොඳ අත්හදා බැලීමකි.

වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් වැඩිහිටියන් ලෙස සලකනු ලැබේ. අවාසනාවකට මෙන් කොවිඩ් වසංගතයේ වැඩි අවදානම ඇත්තේ ද වැඩිහිටියන් වෙතය. කොවිඩ් මරණවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හැටට වැඩි පුද්ගලයන් වෙතින්ය. වයස්ගත වීමත් සමඟ ප්‍රතිශක්තිකරණය අඩු වීම පොදු තත්ත්වයකි. මේ අනුව හැටට වැඩි ජනගහනයේ ප්‍රතිශක්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවී ඇත. අපේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ වැඩි හිටි පුද්ගලයන් කේන්ද්‍ර කර ගෙනය. මේ වන විට හැටට වැඩි පුද්ගලයන් ගෙන් බහුතරය එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත. එය සාධනීය තත්ත්වයකි. හැටට වැඩි පුද්ගලයන් සඳහා තුන් වැනි මාත්‍රාවක් ලබා දීම කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. ‘කළු වලා අතර රිදී රේඛා ඇතැ’යි කියමනක් තිබේ. මෙය ද එබඳු අවස්ථාවකි. විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් වුව අර්බුදයෙන් ගොඩ යෑමට හැකි උපාය මාර්ග අප සොයා ගෙන තිබේ. සිදු විය යුත්තේ ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමය. මේ අර්බුද සමයේ වුව බාධා කිරීම්වලින් අඩුවක් නැත. ගුරු වෘත්තීය සමිතිවල වර්ජනය නිසා මාර්ගස්ථ අධ්‍යාපනය කඩාකප්පල් විය. එම වර්ජනය නිසා සා.පෙළ. විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ තවම පවත්වා නැත. පාසල් විවෘත කරන්නට පෙර ගුරු – විදුහල්පති ගැටලු විසඳන්නැයි වෘත්තීය සමිති තර්ජනය කරයි. විසැඳුම් දී තිබුණ ද, ඒවා පිළිගැනීමට වෘත්තීය සමිති සූදානම් නැත. මෙය අවාසනාවන්ත තත්ත්වයකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්