Feb
6

සහතික මිලත් ඉක්මවා රජය වී මිලදී ගැනීම අරඹයි

 
587 Views
   
The-government-will-start-purchasing-paddy-in-excess-of-the-guaranteed-price  

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 90කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 92 කට මිලදී ගැනීමට  පියවර ගෙන තිබුණි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම් මෙලෙස ආරම්භ කළේ රජය ප්‍රකාශයට පත්කළ රුපියල් 75ක සහතික මිල ඉක්මවා යමිනි.

අම්පාර දිස්ත්‍රික්කයේ 2021 /2022 මහ කන්නයේ වී මිලදී ගැනීම් ආරම්භ කළ අතර එය නිරීක්ෂණය කිරීමට  වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා අද සමන්තුරෛයි වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණය වෙත පැමිණ තිබුණි.

ඒ අනුව ප්‍රමිතියෙන් යුතු කීරී සම්බා වී කිලෝවක් රුපියල් 95කට, සම්බා වී කිලෝවක් රුපියල් 92 කටත් නාඩු වී කිලෝවක් රුපියල් 90කටත් මිලදී ගැනුණි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම් මෙලෙස ආරම්භ කළේ රජය ප්‍රකාශයකට පත් කළ රුපියල් 75ක සහතික මිල ඉක්මවා යමින් වීම විශේෂත්වයකි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අද දිනයේ පහළ ගොස් තිබුණි.

මේ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ හෙට (06) සිට රුපියල් 998කට සහන මල්ලක් ලබාදීමට සතොස හරහා පියවර ගෙන ඇති බවය.

“සහල් කන්ටේනර් 500කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවෙලා තියෙනවා. ඒ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් ලබන සතියේ සිට නිදහස් කරන්න කටයුතු කරනවා,” යනුවෙන් ද වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්