Oct
27

බිම් බෝම්බයෙන් නිදහස් වී සතුටු කඳුළු වගුරන මුහමලේ අපේම ජනතාව

 
579 Views
   
 

සුන්දර අනාගතයක් ගොඩනැගෙන්නෙ අපි අතීතයෙන් ලබපු පන්නරය,පාඩම් හා අත්දැකීම් ඇසුරෙන් වර්තමානයේ අපි ක්‍රියාකරන ආකාරය අනුවයි. හැබයි අවාසනාවට කරුණ නම් අපේ රටේ බොහෝ දෙනාට අතීතය අමතක වීමයි. අපේ රටේ අම්මලගේ තාත්තාලාගේ ඇස් කඳුලින් පිරිල තිබුණු,හදවත් හැම මොහොතෙම බයෙන් තැතිගෙන තිබුණු තැන තැන බෝම්බ පිපිරුණු අඳුරු යුගයක් තිබුණ කියන එක හැමෝටම අමතක වෙලා ගිහිල්ලා. එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ලාගේ අභීත නායකත්වය සහ එඩිතර ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන්ගේ කැපකිරීම් වලට පින්සිදු වන්නට අපි හැමෝම අද බොහොම නිදහසේ ජීවත් වෙනවා.නමුත් ඒ කටුක අතීතයේ අඳුරු මතකයන් තවමත් අපි අතරේ රැව් පිළිරැව් දෙනවා.

ඒ අතර බිම් බෝම්බ නිස තම දෙපා අහිමි වූ සිංහල,ද්‍රවිඩ හා මුස්ලිම් සහෝදරයන් බොහොමයක් අපිට සමාජයේ දකින්නට පුළුවන්.එලෙස බිම් බෝම්බ වලින් වැඩි බලපෑමක් වුණු ප්‍රදේශ අතරින් එකක් තමයි කිළිනොච්චියේ මුහමලේ ප්‍රදේශය.වසර 10ට වැඩි කාලයක් එම ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත්කිරීම සිදුකෙරුණා. එලෙස එම ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද අක්කර 316 ක භූමි භාගයක් බිම් බෝම්බ ඉවත් කිරීමේ නියුතු ජාත්‍යන්තර සංවිධාන විසින් කිළිනොච්චිය දිසාපතිනිය වෙත භාර දීම පසුගිය දා සිදු කෙරුණා.ඒ අනුව එම ප්‍රදේශ වල සිටි ජනතාවට නැවත පදිංචි වීමට අවස්ථාවක් දැන් නැවතත් උදාවී තිබෙනවා.

ඒවාගේම දශක තුනක පමණ කාලයක් යුද්ධයෙන් බැට කෑ උතුරේ ආදරණීය ජනතාවට බිම් බෝම්බ වලින් තොර භූමියක නිදහසේ ජීවත්වීමට හැකිවනවා සේම යළිත් තම සුපුරුදු කෘෂිකාර්මික කටයුතු කරමින් රටේ නිෂ්පාදන ආර්ථිකයටත් දායක වීමට අවස්ථාව උතුරේ ජනතාවට හිම්වෙයි. මුහමලේ ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත ‘හෙලෝ ට්‍රස්ට්’ නමැති ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය පවසන්නේ පසුගිය යුධ සමයේ වැඩිම බිම් බෝම්බ ප්‍රමාණයක් වල දමා තිබී ඇත්තෙ එම ප්‍රදේශයේ බවයි.ඔවුන් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් වසර 2025 කාලය වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර නිදහස් රටක් බවට පත් කිරීම සඳහා තම සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් දැඩි කැපවීමෙන් ක්‍රියාකරන බවයි.

යුද්ධය අවසන් වී වසර 10 ත් වැඩි වුවත් තවමත් ඒ යුද්ධයෙන් වූ හානිය හැකි පමණින් යථා තත්ත්වයට පත්කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතුතුමා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ වත්මන් රජය ගන්නා දැඩි උත්සාහය උතුරේ ජනතාව ඉතා ප්‍රශංසනීය කටයුත්තක් ලෙස සලකනු ලබයි. වසර ගණනාවක් පැවති කුරිරු යුද්ධයෙන් මේ රට මුදවාගෙන රටේ ජනතාවට නිදහසේ දිවි ගෙවන්නට සුදුසු පරිසරයක් තනාදුන් වත්මන් අගමැති තුමා,ජනාධිපති තුමා ඇතුළු රජය කොවිඩ් වසංගතය හමුවේ රට අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේදීත් මේ රට පාලනය කිරීම ජනතාවගේ පිනට සිදුවූ දෙයකි.එසේ නොවන්නට කොවිඩ වසංගතය හමුවේ රටට අත්වන ඉරණම සිතා ගැනීමට හැකිය.

එනිසා අප අතීතය අමතක කරන කළගුණ නොදත් ජාතියක් නොවිය යුතුය.කාගේවත් දේශපාලන උවමනාකම් වලට වහල් වී අසත්පුරුෂ ලෙස හැසිරීම නොකල යුතුය.පක්ෂ පාට බේදයකින් තොරව අගය කළ යුතු දේ අගය කළ යුතු අතර පිදිය යුත්තන්ට පිදීමේ ගුණයද නැවත මතක් කරගැනීම අප කාට කාටත් සුදුසු වෙයි. (තේමිය පරාක්‍රම)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්