Jul
31

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත් අඩංගුවට

 
2252 Views
   
 

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.

අද පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

ඔහුගේ තත්වය බර ප ත ල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අනුව අනතුර සම්බන්ධයෙන් උමාරිය සිංහවංශ මහත්මිය පොලිස් අත් අඩංගුවට ගැනුණා. ඇය හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්