Jul
22

දීර්ඝ සති අන්තයේ සංචරණ සීමා කඩ කරන අයට වැඩ වරදියි

 
1453 Views
   
 

නිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු පොලිසිය විසින් ඊයේ දිනයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකළ 51,581 ක් අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

හෙට සිට එළඹෙන දීර්ඝ සති අන්තයේ ජනතාව නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියා.

එම කාලය තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අමතර පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පළාත් සංචරණ ආසන්නව මාර්ග බාධක යෙදවීමටත් පොලිසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්