Dec
7

විවාහයේ වේදනාකාරි මතකයන් ගැන කරිෂ්මා කපූර් කට අරියි

 
5272 Views
   
 

කරිෂ්මා කපූර් කියන්නේ කාලයක් බොලිවුඩ් සිනමාවට නැතුවම බැරි වූ නිළියක්. විවාහයත් එක්ක ඇයගේ රංගන කටයුතු සිමා වෙනවා. කොහොම නමුත් සංජේ කපූර් එක්ක 2003 වර්ෂයේ විවාහ වෙන ඇය ඒ කසාදයට 2016 වර්ෂයේ තිත තබනවා.

ඔහුගෙන් දික්කසාද වෙන්න බොහෝ දේ බලපෑ බවට තමයි ඇය මාධ්ය වෙත පසු කාලයේ සඳහන් කළේ. කුඩා කල සිටම පවුල් ප්රශ්න එක්ක ජිවත් වූ ඈ විවාහයෙන් පසුව සතුටින් ජිවත් වෙන්න පුළුවන් කියලා හිතුවත් ඒ අවස්ථාව ඇයට හිමි වෙන්නේ ඉතා කුඩා කාලයක් පමණක් බව ඇය පිළිකුලෙන් යුතුව කියනවා.

“අම්මයි තාත්තයි විටින් විට විරසක වෙද්දී අපේ ආර්ථික ප්රශ්න වැඩි වුණා. අම්මා මාව මුලින්ම රඟපාන්න එක්කගෙන යන්නේ මම හය වසරේ ඉගෙන ගද්දි, නමුත් මට හිමි වූ චරිතය මට අහිමි වෙන්නෙත් අම්මා නිසාමයි, ඒකට හේතුව ප්රධාන නලුවාව අසීමිතව සිප ගන්න කියලා යෝජනා කරන නිසා. අම්මට ඕන වුනේ කොහොම හරි මාව ජනප්රිය කරන්න, මාව අඩනිරුවත් කරලා හරි. නමුත් ඒවා හරි ගියේ නැහැ..මගේ විවාහයට වගකියන්න ඕනත් මගේ අම්මා. Sunjay Kapur එක්ක විවාහ වෙන්නේ ඔහුට යහමින් මුදල් තිබු නිසා, නමුත් ඔහුත් එක්ක මම සාර්ථක ලිංගික ජිවිතයක් ගත කළේ නැහැ, ඔහුට තිබුනේ විරූපී ලිංගික ආශාවන්, ඔහුත් මාව පාවිච්චි කළා විතරයි, අවසානයේ ඔහු මානසික රෝගයකින් පෙළෙනවා කියලා ඔප්පු වුනා. මම මුලින්ම ආදරේ කරන්නේ අජේ දේවගන්ට, නමුත් අපි අතරට රවීනා ආවා, පසුව මම ආදරේ කරන්නේ අභිශේක්ට, බච්චන් පවුල අපේ විවාහයට කැමැත්ත දෙද්දී අම්මට ඕන වුනා ඊට වඩා සල්ලිකාරයෙක්. ඒ නිසා ඒ ආදරෙත් මට අහිමි වෙනවා. අම්මා තාත්තාගේ විරසක වීම වගේම මගේ විවාහය දෙදරා යනකල් මම නොවිදිනා දුක් වින්දා, දරුවෝ ගැන හිතලා මම හිත හදා ගත්තා..” පසු කාලයේ ඇයගේ අප්රසන්න ජිවිත කතාව ඇය ප්රසිද්ධියේ එලෙසින් පවසනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්