Jan
31

අතීතය අමතක නොකල අපේ ජනාධිපති

 
2171 Views
   
 

ගොඩක් වෙලාවට ඕනම මනුස්සයෙක් ටිකින් ටික දියුණු වෙන කොට වගේම ගොඩක් සල්ලි හම්බ වෙනකොට අතීතය ඉබේම අමතක කරන්ව. එහෙම කට්ටිය අපිට අනන්තවත් හම්බ වෙලා තියෙනව. එහෙම රටක එහෙම සමාජයක ජනාධිපති වුණ කෙනෙක් අතීතයේ තමන් ට හොදක් කරපු අයවලුන්ව ප්රසිද්ධියේ අගය කරනවනම් කොච්චර සුන්දරද? මේ එහෙම කථාවක්.

කටුනායක ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා අධිකාරිලත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් තමා ජනාධිපති මේ වචන කියල තියෙන්නෙ. යම් කෙනෙක් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරනවිට, ඔවුන් ද ඔවුන්ට හැකි සෑමදෙයක්ම එම පුද්ගලයා වෙනුවෙන් ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි වැඩිදුරට කියල තියෙනව.මේ එතුමගෙ අදහස්.

එය සාර්ථක නායකත්වයක එක් ලක්ෂණයක් වන අතර එය තමන් තුළ ප්රගුණ කල යුතු බව දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබාදෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්රියා කළයුතු බව වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේදී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේදී කළ මෙහෙවර ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කරන අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “තමන් නායකත්වය දෙන අය කෙරෙහි පවතින අව්යාජ සැලකිල්ල නිසා කෙතරම් ප්රභල බලපෑමක් ඇති කළ හැකිදැයි යන්න හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මම හොඳාකාරව දනිමි.”

“1980 දශකයේ අගභාගයේදී මම ජෙනරාල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුතුව ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පලාලි හි ස්ථානගතව සිටියෙමි.”

“මේ කාලය තුළ යාපනයේ සිටි අපට සෑම මසකම දින පහක් පමණ ගුවන් මගින් කොළඹට පැමිණීමට නිවාඩු ලබා දෙන ලදී.”

“එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා.”

“ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා.”

“ඔහු ප්රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි.”

“ඒ තරමටම ඔහු තම කනිෂ්ඨ නිලධාරීන් ගැන දැනුවත්ව සිටි අතර ඔහු අපව හොඳින් බලාගනු ලැබුවා.”

“මෙය සිදුවී වසර 40කට ආසන්න කාලයකට පසු අද පවා ජෙනරාල් විමලරත්නගේ මෙම කාරුණික ක්රියාව මම මහත් ආදරයෙන් සිහිපත් කරමි.”

“මට කවදාවත් අමතක නොවුණු තවත් සිදුවීමක් තිබේ. ඒ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සම්බන්ධව.”

“1991 දී අලිමංකඩ හමුදා කඳවුර මුදාගැනීමේ ‘බලවේගය’ මෙහෙයුම අතරතුර එක් තරුණ මේජර්වරයෙක් ජෙනරාල් කොබ්බෑකඩුව වෙත පැමිණියා.”

“තම පුතා රාජකීය විද්යාලයට ඇතුළත්වීමේ සම්මුඛ පරීක්ෂණයකට යන බව පවසමින් ඒ සඳහා සහාය ලිපියක් ඉල්ලා සිටියා.” “ජෙනරාල් කොබ්බෑකඩුව වහාම පෑනක් කඩදාසියක් ගෙන්වා ගත්තා.”

“ඉන්පසුව ඔහු රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට වෙත ලිපියක් ලියමින් සඳහන් කලේ මෙම තරුණ නිලධාරියා යුධ පිටියේ සිටින බවත්, තම රට වෙනුවෙන් සටන් කරන බවත්, ඔහුගේ පුතා පාසලට ඇතුළත් කිරීමේදී දක්වන සැලකිල්ල අගය කරන බවත්ය.”

“එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් මේ තරුණයා අද ඉතා සාර්ථක ඉංජිනේරුවෙකු බවත්, ජෙනරාල් කොබ්බෑකඩුව මහතා ඔවුන්ට ලබා දුන් සහයෝගයට ඔහු මෙන්ම ඔහුගේ පියාද සදා කෘතඥ වන බවත් මම පෞද්ගලිකව දනිමි.”

“මෙම සිදුවීම් දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයින්ට ඔබ කොතරම් සැලකිල්ලක් දැක්විය යුතුද සහ සහාය විය යුතුද යන්නයි.”

එතුමා සාමාන්ය ආධුනික නිලධාරියෙක් වෙලා ඉන්නකොට වෙච්ච සිදුවීම් දෙකක් ගැන තමා එතුම ඊයෙ උත්සවයෙදි කියල තියෙන්නෙ.මේකෙන් පෙන්නුම් කරන්නෙ එතුම තුල තියෙන අතීතය අමතක නොකිරීම කියන උසස් ගුණය කියල තමා අපිට කියන්න වෙන්නෙ.අපිට හිටපු අතිවිශිෂ්ට හමුදා නිලධාරීන් දෙදෙනෙක් වුණ ජනරාල් විජය විමලරත්න සහ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව කරපු මේ සත්ක්රියාවන් දෙක නැවතත් ආවර්ජනය කිරීමෙන් එතුම එතුමගෙ නිර්ව්යාජභාවය උපරිමෙන්ම පෙන්නල දීල තියෙනව.

එහෙම හමුදා නිලධාරීන්ට එවක ජනාධිපති වුණ ප්රේමදාස සලකපු විදියත් ගෝටාභය ජනාධිපතිතුමාට ඊයෙ මතක් වෙන්නත් ඇති. අපිට අද වගේ මතකයි බිම්බෝම්බයට අහුවෙලා පලාලි ඉදල ගෙනාපු හෙලිකොප්ටරය උඩුගුවනේ රවුම් ගහපු හැටි. ඒව ගැන මෙහෙම ලියල මදි. වෙනම පොතක් අච්චු ගහන්න වෙයි. කොහොම වුණත් ජනාධිපතිතුමාගෙ අතීතය අමතක නොකිරීමෙ ගුණය අපි හැමදාටම අමතක නොකලයුතුයි කියල තමා අපි විශ්වාස කරන්නෙ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්