Aug
10

යළි රට මාසයක් වසාදමන්න! සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

 
1492 Views
   
 

ශී ඝ්‍ර යෙන් පැතිර යන කො වි ඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නී ති ය පනවන්නැ යි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැ යි වාර්තා වනවා.

රෝගීන් සංඛ්‍යාව ශී ඝ්‍ර යෙ න් ඉහළ යාම සහ ම ර ණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නො හැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යා වශ්‍ය බව ද ඔවුන් රජයට දැනුම් දී ඇතැ යි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොවිඩ් ආ සා දි ත යින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනික ව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික ම ර ණ සංඛ්‍යාව ද සීයයකට ආසන්න වෙමින් තිබෙනවා. ඉකුත් දින 13ක කාලය තුළ පමණක් කොරෝනා ම ර ණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණා.

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කො වි ඩ් මෘතදේහවලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කො වි ඩ් රෝගීන්ගෙන් පිරී පවතිනවා. මේ තත්ත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නො හැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගවලට යාම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැ යි දැනගන්නට තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත්දැ යි කළ විමසීමකට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ සියලු පාර්ශ්ව එකතු වී සාකච්චා කර අ ව ස න් තීරණයක් ගන්නා බවයි.

Source – Hirunews

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්