Mar
23

අමිල, ෂිහාන්ගේ උපන්දිනයට එකතු වුණ පැරණි සුපර් ස්ටාර්ලා

 
1713 Views
   
Amila,-the-old-superstar-who-joined-Shihan's-birthday  

සිරස සුපර්ස්ටාර් මුල්ම තරගයේ අවසන් වටයට තේරුණු තරගකරුවන් දෙළොස් දෙනා මීට දින කිහිපයකට පෙර නැවත වරක් එකතු විය. ඒ එම තරගයේ අවසන් තරගවටයට එකතු වුණ ෂිහාන් මිහිරංග හා අමිල පෙරේරාගේ එකම දින යෙදි තිබුණ උපන්දිනය සැමරිම සඳහාය.
මෙම උපන්දින සාදය මාලබේ රයන්ස් හෝටලයේදී පැවති අතර, සිරස සුපර් ස්ටාර් මුල් අදියරයේ තරු වසර දහසයකට පසුව මෙසේ එකිනෙකා මුණ ගැසීම විශේෂත්වයක් විය. එමෙන්ම මෙම උපන්දින සාදයට සහභාගි වූ සුපිරි තරු කිහිප දෙනෙකුම ‘සාරවිට’ අපට අදහස් දැක්වූයේ මෙම හමුවීම හරහා සුපර් ස්ටාර් තරු එකතුවෙන්  අලුත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එළිදක්වන්නට සැළසුම් කළ බවය.

බුද්ධික සේනාධීර

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්