Jan
3

ශ්‍රී ලංකාව සංචාරක ගමනාතයක් කරනු වස් “නරඹමු ශ්‍රී ලංකා”

 
1908 Views
   
 

මෙරට ආර්ථිකයට විශාල සවියක් වූ තිබූ සංචාරක කර්මාන්තයට පසුගිය වසර කිහිපයේදී විවිධ භාධක එල්ල විය. 2019 වසරේ පාස්කු දින ත්රස්තවාදී ම්ලේච්ඡ ප්රහාරයත් සමග මෙරට සංචාරක කර්මාන්තය විශාල පසුබෑමකට ලක්විය. නැවතත් සංචාරක කර්මාන්තය ගොඩනැගෙමින් තිබෙන මොහොතක ගෝලීය කොවිඩ් වසංගතය ව්යාප්ත විය.

නමුත් මේ සියලු භාධක මැද මෙරට සංචාරක කර්මාන්තය නැවත පනගැන්වෙමින් තිබේ යැයි සුබ පණිවුඩය රැගෙන මේ දිනවල ලංකාවට නැවතත් විදෙස් සංචාරයන් පැමිණෙමින් සිටී. පසුගිය දින 21 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්යාව 53,362 කි. මේ වසරේ මුල් මාස කීපය හා සැසදීමේදී මෙය ක්රමානුකූල වර්ධනයක් බව සංචාරක අමාත්යාංශය පවසයි .

🌲ඉංදියාව

🌲 එක්සත් රාජධානිය

🌲 රුසියාව

🌲 ජර්මනිය

🌲ඇමරිකාව

🌲 ඕස්ට්රේලියාව

🌲ප්රංශය

🌲 කසකස්තානය

🌲 මාලදිවයින

🌲 යුක්රේනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරයන් මෙරටට පැමිණ ඇත.

👉 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්යාව 44,284 කි.

👉 ඔක්තෝබර් මාසයේ දී 22,770 කි

👉 සැප්තැම්බර් මාසයේ දී 16,035 ක් ලෙසත් සංචාරකයන් පැමිණ ඇත.

ඒ අනුව , 2021 වර්ෂයේ සමස්ත සංචාරයන් සංඛ්යාව 158,745 කි. කොරෝනා වසංගතය ආරම්භයත් සමඟ 2020 වර්ෂයේ මෙරටට පැමිණි සංචාරයන් සංඛ්යාව 507,704 කි. ඇමරිකානු ඩොලර් මිලියන 682 ක ආදායමක් එම වසරේ දී ලබාගෙන ඇත. කොරෝනා වසංගතය ව්යාප්ත වීමත් සමග සංචාරක සීමා පැණවීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය. අද වනවිට සංචාරයන් මෙරටට පැමිණීමේ වැඩි ප්රවණතාවක් දක්නට ලැබේ.

සංචාරයන් සඳහන් කරන්නේ ශ්රී ලංකාවට පැමිණීමට තිබූ කැමැත්ත දීර්ඝ කාලයකට පසුව හෝ සැබෑ කර ගැනීමට හැකිවීම සතුටක් බවයි. වසර තුනකට අධික කාලයක සිට පෙරුම් පිරූ බවත් අවසානයේ මේ රටෙහි සුන්දරත්වය වීදීමට හැකියාව ලැබුණු බවත් , ඉදිරියේ දී විශාල වශයෙන් සංචාරකයන්ගේ පැමිණීම සිදුවේ යැයි සංචාරයන් සතුටින් පවසයි . කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශයට අනුව 2025 වසර ව්නවිට ඇමරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් අපේක්ෂාවෙන් සංචාරයන් මිලියන 07ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන මේ වනවිටත් ක්රියාත්මක වෙමින් පවතී.

කොරෝනා ව්යසනයට පෙර පැවති ඍජු ගුවන් ගමන් සේවා 35 ක් පැවතුණත්, මේ වනවිට ක්රියාත්මක වන්නේ ඉන් 25ක් පමණයි . එය යථාතත්වයට පත් කිරීමේ වැඩසටහනද මේ වනවිට ක්රියාත්මකයි. ශ්රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම වෙනුවෙන් ප්රවර්ධන කටයුතු අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී . නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 6,000ක් හඳුනාගෙන ඇත. 2022 වසර ” නරඹමු ශ්රී ලංකා ” යන තේමාවෙන් සංචාරක ප්රවර්ධනීය වසරක් ලෙස නම් කර ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්