
චීන වරාය පරිශ්රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියානු තෙල් සමාගමට (LIOC) එම පරිශ්රය ලබාදීමට මේ වන විට සියලූ කටයුතු සකස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ටි්රන්කෝ පෙට්ට්රොලියම් ටර්මිනල් ලිමිටඩ් නමින් මෙම නව පාලිත සමාගමක් ස්ථාපිත කිරීමටද නියමිතය. මේ අතර බලශක්ති අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයකු අපට ප්රකාශ කළේ මෙම නව සමාගම ස්ථාපිත කරන්නේ අදාළ තෙල් ටැංකි පද්ධතියෙන් සාතිශය බහුතරයක් තෙල් සංස්ථාවට (CPC) වෙත ලබා ගැනීමට බවයි.
නමුත් වෘත්තීය සමිති පවසන්නේ මෙම සමාගම ස්ථාපිත කිරීමෙන් පසු 2002 දී සිදු වූ තෙල් සංස්ථාව සතු තෙල් අලෙවි කිරීමේ, බෙදාහැරීමේ ඒකාධිකාරී බලය අහෝසි වී එය විදෙස් සමාගමකට නතුවීමේ අනතුරක් ඇති බවයි.
මෙම සමාගම ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකරන ලෙස විෂය භාර අමාත්යවරයා විසින් තෙල් සංස්ථා සභාපතිවරයාට ලිඛිතව උපදෙස් දී ඇතැයිද එම ආරංචි මාර්ග පැවසීය.
මේ අතර කැබිනට් පත්රිකා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නව සමාගමක් ස්ථාපිත කිරීමට නියම කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
ඒ අනුව චීන වරාය පරිශ්රයේ පිහිටි තෙල් ගොඩබාන ජැටිය, යන්ත්රාගාරය, බංකරින් අංශය ඇතුළු සියලූ වටිනා සම්පත්වල අයිතිය වසර පනහකට ඉන්දියාවට නතු වී යෑමේ අනතුරක් ඇතැයි ද ඒ මහතා කීය.
2002 වසරේ එවකට රට පාලනය කළ රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරය දැරූ ආණ්ඩුව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සිපිෂස්ටිෂල්) ස්ථාපිත කළ ආකාරයටම චීන වරාය පරිශ්රයේ තෙල් ටැංකි හා එම සම්පත්වලට අදාළව නව සමාගමක් ස්ථාපිත කිරීමෙන් පසු මෙරට තෙල් වෙළෙඳාමේ ඒකාධිකාරය ඉන්දියාවට නතුවනු ඇතැයිද ඒ මහතා කීය.
2002 වසරේ දී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ඉන්දීය තෙල් සමාගම හා රජය අත්සන් කළ අවබෝධතා ගිවිසුම යටතේ ඒකාබද්ධ සංවර්ධන ව්යාපෘතියක් සඳහා 35 වසරකට බලපාන පරිදි එකඟතාවක් ඇතිකර ගත් බව වෘත්තීය සමිති කියා සිටී.
නමුත් එදා වූයේ ගිවිසුමක් නොව ඇතිකරගත් එකඟතාවක් යැයිද අලූත් ගිවිසුමක් අත්සන් කළහොත් 2038 වසරේදී අවසන් වන එම ඒකාබද්ධ සංවර්ධන ව්යාපෘති ක්රියාවලිය නැවතී පනස් වසරක් යනතුරු එහි අයිතිය රටට අහිමිව යන බව ද අනෙකුත් වෘත්තීය සමිති ද කියා සිටියි.
අත්සන් කිරීමට යන නව ගිවිසුම මගින් ඉහළ අංගණයේ තිබෙන තෙල් ටැංකි 85න් තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවීමට නියමිතව ඇති අතර අනෙක් ටැංකි 61 ඒකාබද්ධ සංවර්ධන ව්යාපෘතියකට නතු කිරීමට නියමිතය.
ඒ අනුව ඉහළ අංගණයේ එම ව්යාපෘතියෙන් සියයට 51ක් තෙල් සංස්ථාවටත්, ඉතිරි සියයට 49 ඉන්දියන් තෙල් සමාගමටත් ලබා දීමට එකඟතා ඇතිකරගෙන ඇතැයි වාර්තා වී ඇත.
චීන වරාය පරිශ්රයේ තෙල් ටැංකිවලට අදාළ ගිවිසුම අත්සන් කිරීමට යන්නේ ඉන්දීය රජය මෙරටට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ කොන්දේසියක් යටතේ යැයි ද වෘත්තීය සමිති කියා සිටියි. ඉහළ අංගණයේ තිබෙන තෙල් ටැංකිවලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට යන තෙල් ටැංකි 24 ගත් කල ඒවා භාවිතයට ගත නොහැකි අඩුපාඩු රැසක් සහිත බව ද ඒ මහතා කියා සිටියි.
ඒවා අලූත්වැඩියා කිරීමට අති විශාල මුදලක් වැය වන බැවින් ඊට අදාළ මුදල් නොමැති නිසා සංස්ථාවට ඒ අඩුපාඩු සකසා ගත නොහැකි බවත් ඒ මහතා පැවසීය.
චීන වරාය යනු ආසියාවේ ඇති කලාපයේ යුදමය වශයෙන් අතිශය වැදගත් මරමස්ථානයක් යැයි ද මවුන්බැටන් සාමිවරයා දෙවන ලෝක යුද සමයේදී ඉදිකළ මෙම තෙල් ටැංකිවල අයිතිය 50 ඉන්දියාවට ලබාදීම අතිශය තීරණාත්මක යැයිද ඒ මහතා කියා සිටී.
කෙසේ වෙතත් ශ්රී ලංකා රජය හා ඉන්දීය රජය අතර සිදුකෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් ලබන සඳුදා (27දා) පැවැත්වීමට නියමිතය.
ඉන් පසුව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් එම සතියේම මේ පිළිබඳ සියලූ තතු රටට හෙළිකිරීමට බලාසිටින බව බලශක්ති අමාත්යාංශ ප්රකාශකයෙක් කියා සිටියේය.
මෙම චීන වරාය පරිශ්රයේ ඇති තෙල් ටැංකි හා සම්පත් ඉන්දියානු සමාගමට දීර්ඝ කාලයකට ලබාදීමෙන් ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් වනු ඇතැයි ද එම ස්ථාපිත කරන නව සමාගම් පරිශ්රයට එරට ආරක්ෂක අංශ පැමිණීමට ඉඩ තිබෙන බව ද තෙල් වෘත්තීය සමිති නායකයෝ කියති.
ශිරාන් රණසිංහ – දිවයින ඉරිදා සංග්රහය