Mar
14

” මම වයසට ගියත් හොඳ චරිත ලැබුනොත් කරනවා, ඒ වගේම මට හීන තියෙනවා” වෙළෙඳ දැන්වීම් තුළින් දැකගන්නට ලැබෙන රුවී ලක්මාලි

 
764 Views
   
 

මෙරට රූපවාහිනීය තුළ වෙළෙඳ දැන්වීම් ඔස්සේ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චරිතයක් තමයි රුවී ලක්මාලි කියල කියන්නේ. කොහොම නමුත් වෙළෙඳ දැන්වීම් තුළින් නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ඇයව මේවෙද්දී අපට පුංචි තිරය ඔස්සේත් දැකගන්නට ලැබෙනවා. ඒ මේ දිනවල විකාශය කෙරෙන සුපුන් රත්නායක නාට්‍ය නිර්මාණයක් වන “තුන් පනේ” කියන ටෙලි නිර්මාණය තුළිනුයි. ඇත්තෙන්ම එහි ඇය ද්විත්ව චරිතයක් මවනවා

ඒ විතරක් නොවෙයි රුවී ලක්මාලිව තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී කියන නිර්මාණයේ අරුන්දතී කල්පනා ලෙසිනුත් මේවෙනකොට රිදී තිරයෙන් සමීප වෙනවා. ඒ කොහොම වුවත් සුවිශේෂ වු රංගන හැකියාවකින් සමන්විත මේ ජනප්‍රිය චරිතය සමගින් තමයි අද අපි මේ විදිහට කතා කරන්න සූදානම් වෙන්නේ

වෙළෙඳ දැන්වීම් ඔස්සේ වගේම රංගන ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබෙන ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

මම ආසා කළේ කවදාහරි දවසක නැටුම් ගුරුවරියක් වෙන්න. නැටුම් ගුරුවරියක් වෙන්න මම ඉහලටම ඉගෙන ගත්තා. ඒ හීනය හැබෑ කරගන්න මට අවස්ථාව ලැබුනා. ඊට පස්සෙ ‘සිරිකත’ අවුරුදු කුමරි ලෙස කිරුළු පැලදීමත් සමග මගේ ජීවිතය කලාවට යොමු වුනා. ඊට පස්සෙ දිගටම අවේ රංගනයට ආරාධනා ලැබුනා

ඇත්තටම රුවී කියල කියන්නේ අපට නිරන්තරයෙන් දැකගන්නට නොලැබෙන චරිතයක්. ඊට හේතුව මොකක්ද ?

ටෙලි නිර්මාණ වලින් නිතර දකින්න නැත්තේ නම් මම තවම මෙගා නාට්‍ය කරලා නැහැ. ඒක හේතුවක් වෙන්න ඇති නිතර පුංචි තිරයේ දකින්න නොලැබෙන. ඒ වගේම මම ආසා නැහැ හුගක් කාර්ය බහුල වෙලා රංගනයේ යෙදෙන්න. මම ආසයි මහත්තයා ගෙදර එන වෙලාවට කෑම ටික උයලා තියන්න. අම්මා තාත්තා බලන්න යන්න වෙලාවක් තියාගන්න. මොකද මම දැන් කොළඹ ඒ අය බණ්ඩාරවෙල. ඒ නිසා මගේ ජීවිතයේ මුල් තැන දෙන්නේ පවුල් ජීවිතයට. මම ආසයි විවේකීව පොතක් කියවන්න නිදහසේ ඉන්න, යාලුවො එක්ක කාලය ගත කරන්න

රුවී ලක්මාලි කියල කියන්නේ වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක් ද ?

මම රංගනයට එන්න කලින් ගුරුවරියක්. දැන් මගේ වෘත්තීය රංගනය. ඒත් ජීවිත කාලයටම වෘත්තීය රංගනය කරගන්න අදහසක් නැහැ. හැබැයි මම වයසට ගියත් හොඳ චරිත ලැබුනොත් කරනවා. ඒ වගේම මට හීන තියෙනවා. කරන්න ආසා චරිත තියෙනවා. පොලිස් චරිතයක්, මෙහෙණි කෙනෙක් වගේ චරිත කරන්න ආසයි

ඔබ විවාහය ගැන කතා කළොත් ඔබ විවාහවෙලා ඉන්නෙත් කලාවට සම්බන්ධ කෙනෙකු සමගින් නේද ?

ඔව් මගෙ සැමියා නකුල් ප්‍රසාද් ඔහුත් අධ්‍යක්ෂකවරයෙක්

මෙතෙක් ආපු ගමන ගැන වගේම මෙතෙක් කළ නිර්මාණ ගැන ඔබට සතුටක් තිබෙනවාද ?

ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. මම හැමවෙලේම පෙනී සිටින චරිතයක් නෙවෙයි. නමුත් මම භාරගන්න වැඩේට උපරිම සාධාරණයක් කරනවා. මම රගපෑ සුමුදු වෙල්ලලා අයියාගේ හරස් පාර ටෙලි නාට්‍ය වෙනුවෙන් මම නැගී එන නිළියට පවා නිර්දේශ වෙනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්