Jun
26

ගෝඨාභයගේ කතාව එපා වාහෙට හොදි බෙදුවා වගේ – විසඳුමක් ඇත්තෙම නෑ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

 
2334 Views
   
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඊයේ (25) ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයන්ගේ යම් යම් කරුණු ඉස්මතු කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තම ෆේස්බුක් ගිණුමෙන් මෙවැනි ප්‍රකාශක් සිදුකර තිබුණා.

ගෝඨාභයගේ කතාව එපා වාහෙට හොදි බෙදුවා වගේ – විසඳුමක් ඇත්තෙම නෑ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –
ජාතික ආරක්ෂාව
රටේ ජාතික ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් තියනවා. ශ්‍රී ලංකාව තුල අනවශ්‍ය විදියට චීනයේ මැදිහත් වීම දැන් කලාපිය ප්‍රශ්නයක් බවට පත් වෙලා. මාස ගණනාවකට කලින් ඉඳන් මම මේ ප්‍රශ්නය මතු කරනවා. ඉන්දියාවේ ආරක්ෂාවට කෙනෙහිලිකමක් ඇති නො’වන පරිදි මේක මෙහෙය විය යුතු බව පෙන්වා දුන්නා. නමුත් වගේ වගක් නැතුව හිටියා. ඒවගේම මේ කොළඹ වරාය නගර වෙන්දේසි පනත හරහා මේක චීනයේ “අදෘෂ්‍යමාන නාවික කොරිඩෝවේ” උපක්‍රමික මෙහෙයුම් මුරපොලක් වන බව මම කිව්වා. දැන් ඉන්දීය නාවික හමුදාවේ දෙවනියා පැහැදිලිවම ඒ බව තහවුරු කරමින් කොළඹ වරාය නගරය චීනය විසින් ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමේ අනතුරක් ඇති බව වගේම ඉන්දීය අධි තාක්ෂණික ඩ්‍රෝන යානා මේ කලාපය නිරීක්ෂණය සඳහා එවන බව ප්‍රකාශ කළා. ඉදිරියේදී ඉන්දීය ඩ්‍රෝන අපේ ඔලුව උඩින් යන තැනට මේ ජනාධිපති දැන් වැඩ කටයුතු සලස්වා තිබෙනවා.

ආර්ථික අර්බුදය හා ඩොලර් සංචිතය සිඳී යාමෙන් රට බංකොලොත් වීම
ආර්ථිකමය වශයෙන් මා මිත්‍ර Harsha de Silva මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු විදියට මේ වසරේ දෙසැම්බර් වෙද්දී විදෙස් සංචිත ප්‍රමාණය රටේ ණය ගෙවීම් අභිබවායාම නිසා ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා. හර්ෂ මන්ත්‍රීතුමා කියපු විදියට දැනට අතේ තියන Cash විදෙස් සංචිතය 3530 Million USD. දෙසැම්බර් 31 වෙද්දී 3119 Million USD ගෙවන්න තියනවා. එතකොට ඉතිරි වෙන්නේ 411 Million USD. භාණ්ඩාගාරයේ ජංගම ගිණුමේ -1000 Million USD හිගයක් තියනවා. ඒ කියන්නේ මේ වසර අවසාන වෙද්දී රට බංකොලොත්. මේ යථාර්තය තේරුම් ගන්නවත් ඊට සාධනීය විසඳුමකට එන්නවත් දැක්මක් නැති බව තමයි දැන් අපිට පේන්න තියෙන්නේ.

ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය නිසා ඉදිරියේ ඇතිවන ආහාර අර්බුදය
රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් වෙන්න යන මොහොතක, ජාතික ආරක්ෂක තර්ජනයක් එක්ක රට චීන කොලනියක් බවට පත් වෙමින් තිබෙන මොහොතක, කොවිඩ් 19 වසංගතයෙන් මුළු රටම වසා දමලා, ව්‍යාපාර අඩපන වෙලා, ජනතාව පිඩාවට පත් වෙලා සිටින මොහොතක කලයුතු වැඩක්ද මේ රසායනික පොහොර තහනම් කරන එක; නෑ. ප්‍රමුඛතා හඳුනාගන්න දන්නේ නෑ මේ ජනාධිපති. මේ වැඩෙත් හරියට අර එන්නත ගේන්න අපි පාර්ලිමේන්තුවේදී කියද්දී පැණියක් අල්ලාගෙන දැඟලුවා වගේ වැඩක්. වසංගතයෙන් පස්සේ රටේ ජනතව සාගතය ගෙනල්ල දෙන්න හදන වැඩක් මේක. කරුණාකරලා ගොවීන්ට පොහොර ටික දෙන්න, කාබනික වගාව හොඳ දෙයක් තමයි ඒත් මේ මොහොතේ අනවශ්‍ය පොහොර තහනම් කරන වැඩ වලට යන්න එපා. මිනිස්සු කන්න නැතුව මහා මග මැරිලා යාවි. ගොවියෝ දරුවන්ට කන්න දෙන්න නැතුව වහ බිලා මැරෙන තැනට ඒවි. මේ සත්‍යය තේරුම් ගන්න බැරි පාලකයෙක් ඔබ. ඒ වගේම අනවශ්‍ය මොහොතක තෙල් මිල වැඩි කරලා ජනතාව උපරිමයට පිඩාවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ජනතාව පාරට එන්න පටන් ගෙන, මිනිස්සුන්ට ඔබ හුස්මක් ගන්න ඉඩක් දෙන්නෙම නැහැ.

කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල
ගබඩාවේ එන්නත් ටික තියාගෙන ඉඳල වැඩක් නෑ. දවසකට හැකි උපරිමයක් ලක්ෂයක් හරි ජනතාව එන්නත්කරණය කල යුතුයි. එහෙම වේගවත්ව එන්නත්කරණය කලොත් පමණයි කොවිඩ් වසංගතයෙන් අපිට මිදෙන්න පුළුවන් වෙන්නේ.

කොවිඩ් කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යංශය, ප්‍රජා සෞඛ්‍ය නිලදාරීන් එකතු වෙලා 4 man හෝ 8 man teams හදල උදේ 7 සිට හවස 4 දක්වා සතියේ දින පහේම සාමාන්‍ය සිවිල් ජනතාව එන්නත් කල යුතුයි. සති අන්ත දින දෙකේ පුජ්‍ය පක්ෂය, රජයේ සේවකයින්, ආබාධිත පුද්ගලයින්, විශ්‍රාමික රණවිරුවන් හා වෙනත් විශේෂ අවශ්‍යතා ඇති අය එන්නත්කරණය කල යුතුයි.
ගෝඨාට මේවට විසඳුම් නැත්නම් ජනතාව සමග අඩුම තරමේ ඇත්ත කතා කරන තිබුනා. මේ අනුව 2024 ගෝඨාභය අපිට භාර දෙන්නේ අපි භාර දීපු රට නොවන බව පැහැදිලියි. – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

 

1

 

2

 

3

 

4

 

5

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්