Jun
16

මහනුවර එනකොට දඩ කොලයක් දීපු පොලිස් නිලධාරියා එක්ක විවාහවුනු ජනප්‍රිය නිළිය

 
1991 Views
   
 

නෙතු ප්‍රියංගිකා කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නිළියක්. ඇය ළඟදී යුගදිවියට පාතැබුවා ඒ ඇයට දඩ කොලයක් දීපු පොලිස් නිලධාරියෙක් සමඟ. ඒ ගැන ඇය මේ විදිහට සති අන්ත පුවත්පතකට කියලා තිබුණා. නෙතු ප්‍රියංගිකා කියන ජනප්‍රිය නිළිය ලගදි විවහාවුනා නේද සැමියා ගැන ලොකු කතාවකුත් තියෙනවා නේද කියන්න. ඇත්තම කියන්නම්කෝ. අපේ ජීවිතේ දෙවැනි උපත තමයි විවාහය කියන්නේ. මම හිතනවා මගේ ජීවිතේ හැමදේම මට නිසි කාලයේදී කරගන්න පුළුවන් වුණා කියලා.ඒ වගේම මගේ විවාහයත් නිසි වේලාවට සැලසුම් කරගන්න පුළුවන් වුණාඉතින් අපි දැන් ලස්සන ජිවිතයක් ගතකරනවා.

කොහොමද නෙතුට ඔය කියන ආදරවන්තයා හමු වුණේ.අර කතාවකුත් තියෙනවනේ පතාගෙන ආපු කෙනාව තමයි අන්තිමට හම්බවෙන්නේ කියලා. මටත් මගේ උරුමක්කාරයාව හම්බවෙන්න ඇත්තේ ඒ විදියට වෙන්න ඇති.හැබැයි අපි දෙන්නගේ හමුවීමේ ඉඳන් ඉදිරියට ඇදුණු ආදර කතාවත් හරියට චිත්‍රපටයක් වගේ. දැනට අවුරුදු තුනකට වැඩි කාලයක් වෙනවා අපේ ආදර කතාව පටන්ගෙන. මම හිතුවේ නැහැ අපේ ආදර කතාව විවාහයක් දක්වා දුර දිග යයි කියලා.එයා ඇත්තටම ආරක්ෂක අංශයට සම්බන්ධ ‍පොලිස් නිලධාරියෙක්.එයාගේ නම නුවන් ජීවන්ත ගලප්පත්ති. මට ඔහුව මුණගැසුණේ මහනුවරදී. දවසක් නුවර යනකෙට මාර්ග නීති කඩකරලා මගේ වාහනයට නුවන් දඩ කොළයක් ලිව්වා.හැබැයි එයා මම රංගන ශිල්පිනියක් කියලා ඒ වෙලාවේ අඳුනගෙන තිබ්බා. ඒත් මම රංගන ශිල්පිනියක් කියලා මගේ පැත්ත ගත්තේ නැහැ. ඒ වෙලාවේ අවංක ‍පොලිස් නිලධාරියෙක් විදිහට එයා නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා මට දඩ කොළයකුත් ලියලා දුන්නා.ඒ වගේම තදින් හිටියා. පස්සේ තමයි මගේ මුහුණු ‍පොත හරහා ඔහු මට hi කියලා මැසේජ් එකක් එවලා තිබ්බේ. මමත් ඇත්තටම බලාගෙන හිටියා කවදාහරි දවසක එයා මට කතා කරයි කියලා. දැන් ඉතින් මට ජීවිත කාලෙටම දඩ කොළේ ගෙවන්නයි එයාට සිද්ධ වෙලා තියෙන්නේ.එයා ලස්සනයි මට එයට හිත ගියා එත් ආයේ මට එයාව හමුවුනේ නැහැ ගෙදර ඇවිත් ඉන්නකොට තමයි එයාම මාව හොයාගෙන මට කතා කලේ.

නෙතූ විවාහ වුණාට පස්සෙත් නිතරම රඟපාන්නද හිතාගෙන ද සිටියේ .විවාහ වුණාට පස්සේ සමහර තැන්වලදී අපිට සීමා මායිම් පනවාගන්න සිදු වෙනවානේ. මොකද විවාහයෙන් පස්සේ හැම කාන්තාවක්ම මව් පදවිය බලා‍පොරොත්තු වෙනවා.එතකොට අපිට සමහර දේවල් මග හරින්නත් වෙනවා. හැබැයි ඒ වගේ අවස්ථාවක මට රඟපාන්න බෑ කියලා හිතුණොත් මම රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. හැබැයි ඉතින් නුවන් ඒකට ඉඩ දෙයිද දන්නේ නෑ. මොකද දැන් වුණත් මගේ රංගන වැඩ අතපසු වුණොත් නුවන් තමයි මාව උනන්දු කරවන්නේ. හැබැයි ඉතින් මට මැරෙනතුරා මේ කලාවෙන් නම් ඉවත් වෙන්න බැරි වෙයි. මොකද කලාව නිසා තමයි මගේ ජීවිතේ හැම දෙයක්ම මේ විදියට ලැබුණේ. මට නුවන් වගේ හොඳ සහකරුවෙකුව හමු වුණෙත් මම රංගන ශිල්පිනියක් වූ නිසානේ.නෙතූ නුවන් ආදර කතාව ගලාගෙන යනකොට ගෙවල්වලින් මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ.අපි දෙන්නා යාළු වෙලා අවුරුද්දක් විතර කාලයක් ගියාට පස්සේ තමයි ගෙවල්වලට කිව්වේ. මගේ අම්මා නම් ‍පොඩි කා‍ලේදීම නැති වුණා. ඒත් මගේ තාත්තයි අයියලා දෙන්නයි අම්මා නැති අඩුව කවදාවත් මට දැනෙන්න දුන්නේ නැහැ. ගෙවල්වලට කිව්වට පස්සේ අපිට ගෙවල් දෙකෙන්ම ආශීර්වාදේ ලැබුණා. ගැහැනු ළමයෙකුට විවාහය කියන ජීවිතේ සුන්දරම අවස්ථාවේදී අම්මා ළඟින් ඉන්නම ඕනේ. ඒත් මට අම්මා නැති අඩුව මගේ ගෙදර අනිත් අය කවදාවත්ම දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. මම වැටුණු හැම වෙලාවේම නැගිටින්න මට අත දුන්නේ මගේ ගෙදර අයයි.දැන් අපි විවහා වෙලා සතුටින් ජිවත් වෙනවා ඒ ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්.

 

1

 

2

 

3

 

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්