Oct
22

“රාජපක්ෂලා වගේ වැඩකාරයන්ට රට හදන විදිහ කියලා දෙන්න කවුරුත් අවශ්‍ය නැහැ” – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

 
939 Views
   
 

රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ රාජපක්ෂලාට රස්සාවක් දෙන්න ඕන විදිහ කියලා දෙන්න ඕනේ නැහැ. රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕනේ නැහැ. වැටිච්ච රට ගොඩනගන්න ඕන විදිහ කියලා දෙන්න ඕනේ නැහැ. ඒගොල්ලො ඒක හොඳට දන්නවා.” යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්ය අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

බුලත්කොහුපිටිය නගරයේදී රුපියල් මිලියන 48.7 ක වියදමකින් ඉදිවන මහල් හතරකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි රාජ්ය අමාත්යවරයා එසේ පැවසුවේ. එහිදී රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවා.

මම අමාත්යාංශයේ වැඩ භාරගත්තේ මාර්තු පළමුවැනිදා. දැන් මාස හත අටක් ගෙවිල තියෙනවා. ඒකෙන් මාස පහක්ම රට වහල තිබුණේ. කොරෝනා ව්යසනය නිසා පසුගිය වසර පහක කාලය තුළ ආණ්ඩු කරපු කිසිම කෙනෙක් මේ දක්වා නොකරපු ඓතිහාසික කාර්යභාරයක් මට මේ මොහොතේ කරන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි අපිට තියෙන පළාත් පාලන ආයතන 341න් 265 කට මුදල් ප්රතිපාදන දීලා ඒ ප්රාදේශීය සභාවල සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කළා. අඩු ආදායම් ලබන ප්රාදේශීය සභා වැඩිදියුණු කිරීම සඳහා අවශ්ය හොඳ අභිමානවත් ආකෘතියක් නිර්මාණය කරලා මේ වන විට ප්රාදේශීය සභා හතරක් එලෙස ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා.”

අපේ රටට විශාල අවශ්යතාවයක් තියෙනව ගිනි නිවීමේ රථවල, ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් අපිට පුළුවන් වුණා ලංකාවේ ඉහළම ගොඩනැගිලි වලට පවා යන්න පුළුවන් හැකියාව තියෙන ගිනි නිවීමේ රථ ගෙන්වීමට. මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මගෙන් ඇහුවා මොනවද පළාත් පාලනයට අඩුපාඩුවක් තියෙන වාහන කියලා. මම එහිදී එතුමාට වාහන අවශ්යතාව පිළිබඳ යෝජනාවලියක් දුන්නා. අපේ පොළොන්නරුව දිස්ත්රික්කයේ ඉන්නේ දේශපාලන කුමන්ත්රණකාරයෝ. පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින්නේ වැඩ කරනවට කැමතිම නැහැ. කකුලෙන් අදිනවා. හරිම කුහක ඉරිසියාකාර පිරිසක් මේ අයියලා ටික. එවන් පිටාවකදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා මට යෝධ ශක්තියක් වෙලා තියෙනවා.” යනුවෙන්ද පැවසුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්