Nov
20

මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය නයි, තලගොයි, කබරුන්ගේ රජ දහනක්

 
7586 Views
   
 

මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය තුලට රිංගා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදී සතුන් මෘත ශරීර වලට හානී සිදු කිරීම නිසා මල් ශාලා සේවකයින් හා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.

විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ යකඩ දොරක් කැඩී අබලන් වී තිබෙන අතර එම ස්ථානයෙන් සතුන් රිංගා පැමිණෙන බව කියති.

පසුගිය දිනයකද ඒ ආකාරයට විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරීවරයාගේ කාර්යාලීය කාමරයට පැමිණී නයෙකු මෘත ශරීරාගාරයේ සේවකයින් විසින් අල්ලා බෝතලයකට දමා ඉවතට ගෙන ගොස් දමා තිබුණි.

එම විසකුරු සතුන් වෛද්යවරුන් ඇතුළු සේවකයින් පලදින ආරක්ෂිත ඇදුම් හා උස් සපත්තු වලට රිංගා සිටියහොත් තම ජීවිතද අවධානම් තත්වයකට පත් වන බව ඔවුන් සදහන් කරති.

මෘත ශරීරාගාරයේ ශීතාගාර හයක් තිබෙන අතර ඉන් හොඳින් ක්රියාත්මක තත්වයේ පවතින්නේ දෙකක් පමණක් බවට ද දැන ගන්නට ඇත.

මෘත ශරීර වැඩි වු විට ඇතැම් සිරුරු ශීතාගාර වලින් පිටත තබන විට සිදු වන හානිය වැඩි බවද කියති. රෝහල් මෘත ශරීරාගාරයෙන් මල් ශාලා වෙත රැගෙන ගොස් තිබු මෘත ශරීර ගණනාවක කන්, නාසය, ඇතුළු අවයව මීයන් හා කබරුන් ඇතුළු සතුන් සපා කා තිබු බව මල් ශාලා සේවකයින් පැවසීය.

මේ පිළිබඳව අදහස් පල කල මාතර මල් ශාලාවක නම ප්රකාශ කිරීමට අකමැති සේවකයෙකු මෙසේ කීය.

“මීට සතියකට වගේ කලින් නායිම්බල ප්රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් අපේ මල් ශාලාවට අර ගෙන ආවා. රෑ 10.00 විතර තමයි ඔහු රෝහලේ දී මිය ගොස් තිබෙන්නේ. උදේ තමයි අපේ ගාවට ගෙනාවේ. පොලිතින් එක ඉවත් කර බලද්දී එහි නාසය හා කන් දෙකම සතුන් කාලා ලේ ගලලයි තිබුණේ. මම එය ඔහුගේ පවුලේ ඥාතීන්ට පෙන්නුවා. මෘත ශරීරාගාරයටත් කෝල් කරලා කීවා. ඒ සතුන් කාපු තැන් කැට්ලෝ පේස්ට් වලින් පුරවලා ප්ලාස්ටර් කරලයි මෘත ශරීරය ඥාතීන්ට භාර දුන්නේ. මේ විදියට කිහිපයක්ම වාර්තා වී තිබෙනවා. ඒවා හදන්න ගියාම අපිත් දුෂ්කරතාවයට පත් වෙනවා.” 

මේ පිළිබඳව මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉහල නිලධාරීයෙකුගෙන් විමසූ විට කියා සිටියේ යකඩ දොර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවත් රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයක දී ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත්ය.

කෙසේ වෙතත් මාතර මහ රෝහලේ අධ්යක්ෂිකා වෛද්ය මල්කාන්ති මැදිවක මහත්මියගෙන් ඒ ගැන විමසූ විට කියා සිටියේ ඒ පිළිබඳව තමන් වෙත කිසිවකුත් දැනුම් දී නොමැති බවත් ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට පියවර ගන්නා බවත්ය.

01.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ කාමරයට පැමිණී නයෙකු අල්ලා ගෙන තිබු අයුරු

02.

මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ යකඩ දොර කැඩී තිබෙන අයරු
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්