Mar
18

කෝපි සහ වයින්වලින්, අපූරු සිතුවම් මවන සිත්තරාවිය

 
484 Views
   
From-coffee-and-wine,-the-artist-creates-wonderful-paintings  

කලාව කියන්නෙ පුළුල් පරාසයක පැතිරුණු දෙයක්. ඊට සීමාවන් ඇත්තේ නෑ. අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය විතරයි. කලාවේ එක අන්තයක් තමයි චිත්‍ර කියලා කියන්නෙ. අපි සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම දකිනවා චිත්‍ර කලාවට යොමුවුණු පිරිස් ගැන. අපිට අශේනි ජයංගනීව හමුවන්නෙත් වෙනස් විදියකට කලාව ස්පර්ශ කළ කලාකාරිනියක් හැටියට. චිත්‍ර කලාවට යොමුව කටයුතු කරන ඇයගේ කලා මාධ්‍ය බවට පත්ව තිබෙන්නේ කෝපි සහ වයින්.

චිත්‍ර කලාවට නැඹුරු වුණේ පුංචි කාලේ ඉඳලම ද.. ?

ඇත්තටම මම චිත්‍ර කලාවට පොඩි කාලෙ ඉඳන් ලොකු ආසාවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. කොවිඩ් නිසා ගෙදරට සීමා වෙලා උන්නු කාලෙදි තමයි මම චිත්‍ර කලාවට යොමු වුණේ. දැනටත් මම අඳින්න පටන් අරන් උපරිම අවුරුද්දක් වගේ කාල පරාසයක් තමයි වෙන්නෙ..

ගොඩක් වෙලාවට චිත්‍ර කලාව කියන්නේ “හම්බ කරන්න අමාරු” ෆීල්ඩ් එකක් කියලා කතාවක් තියනවා. ඇත්තද ඒක.?

හම්බකරන එක අතින් ගත්තාම ඒක ඇත්ත මොකද අද කාලෙ කරන්න පුලුවන් අනිත් side business එක්ක බැලුවාම සාපේක්ෂව අපි වෙන මහන්සියට income එකක් ගන්න අමාරුයි. තව දෙයක් තමයි art එක අඳින කෙනා තමන්ගෙ නිර්මාණයට යොදපු දේවල්, වැයකරපු කාලය,මහන්සියට මිල කරන වටිනාකම පාරිභෝගිකයාගෙ පැත්තෙන් සාධාරණීය නැතිවෙන්න පුලුවන්. මොකද පාරිභෝගිකයාට ඒක එක art එකක් විතරයි final output එක දිහා බැලුවාම. art ගැන වැඩිය දැනීමක් නැති කෙනෙක්ට ඒකෙ finishing එක වෙනකන් මොනවගේ progress එකකද ආවෙ කියලා හරි idea එකක් නෑ. ඉතින් ඒ අයකරන්න ඕනෙ මුදල අයකරගන්න බැරිවෙන එක ලොකු ගැටලුවක්.

චිත්‍ර කලාවට යොමු වෙන්න ප්‍රවීණයි කියන අයගෙන් සහයෝගයක් ලැබුණද ?

ඔව්..ගොඩක් ප්‍රවීණයන්ගෙන් මට ලොකු උදව්වක් ලැබුණා. අඩුපාඩු පෙන්නලා දීලා ඉස්සරහට යන්න උදව් කරන බහුතරයක් හිටපු නිසා තමයි මේ පොඩි කාල සිමාවට මේ විදියට අඳින්න පුලුවන්කමක් ලැබුණේ..

ඔබ ගොඩක් වෙලාවට කෝපි පාවිච්චි කරලා වෙනස්ම විදිහේ සිතුවම් අඳිනවා. කොහොමද මේ විදිහේ වෙනස්ම අදහසක් ආවේ?

කෝපි සහ වයින් කියන්නෙ අඳිනවා නම් ගොඩක් වෙනස් මාධ්‍ය දෙකක්. ලංකාව ඇතුලෙ බහුතරයක් දෙනා මේවා අඳින්න මාධ්‍ය විදියට භාවිත කරන්නෙ නෑ.. නමුත් ලංකාවෙ පිට බොහොමයක් කලාකරුවො කෝපි කියන මාධ්‍ය භාවිත කරනවා. අහම්බයෙන් දැකපු වීඩියො එකක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම කෝපි පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පටන් ගත්තේ..

චිත්‍ර ප්‍රදර්ශනයක් එහෙම තියන්න බලාපොරොත්තු වෙනවද..?

දැනට නම් එහෙම අදහසක් නෑ. මොකද මම චිත්‍ර කලාවට අලුත් නිසා. නමුත් වැඩිදුර පුහුණුවීම්වලින් පස්සෙ චිත්‍ර ප්‍රදර්ශනයක් කිරීමෙ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

මේ කලාව තුළ අනුකරණය කියන එක අනන්තවත් දකින්න ලැබෙනවා. ඔයත් කවුරු හරි අනුකරණය කරනවද..?

Style එකක් “අනුගමනය” කරනවා කියන එකෙයි art එක අඳින පුද්ගලයෙක්ව “අනුකරණය” කියන එකෙයි ලොකු වෙනසක් තියනවා. අනුගමනය හා අනුකරණය. අද මොකක් හරි trend එකක් තියනවනන් තමන් ඒකත් එක්ක පෑහිලා නිර්මාණයක් කරනවා කියන එකේ මං වැරැද්දක් දකින්නෙ නෑ ඒක කාලෝචිත දෙයක්. ඒත් අපි නිර්මාණ ශිල්පියෙක්ව අනුකරණය කරන්න ගියොත් අවුලක් තියනවා. හැමවෙලේම artist කෙනෙක් විදියට තමන්ගෙ brand එකයි market වෙන්න ඕනෙ තව කෙනෙක් කරන දේ කරලා ඕනෙනන් කෙටිකාලීන hype එකක් ගන්න පුලුවන්. තමන් artist කෙනෙක් විදියට අනාගතේ එතනින්ම වැහෙනවා.

අන්තර්ජාලය හරහා සිදුවන සිතුවම් අලෙවිය ගැන මොකද හිතන්නේ? ඒක සාර්ථකයි කියලා හිතනවද..?

අන්තර්ජාලය කියන්නෙ මේ වෙද්දි දෙයක් market කරන්න ලේසිම සහ හොඳම විදිය. ඉතින් අපි කරන වැඩේ promote කරන්න හොඳ තෝතැන්නක් internet එක. ඒක නිසා යම්තාක් දුරකට අන්තර්ජාලය හරහා සිතුවම් අලෙවිය සාර්ථකයි කියලා මම හිතනවා.

අපිට කියන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු ? මේ කලාව තුළම ඉස්සරහට යන එකද හීනේ?

මම දැනට ගණිත අංශයෙන් උසස් පෙළ හදාරලා ප්‍රතිඵල ලැබෙනකන් ඉන්න කෙනෙක්. ඒ අංශයෙන් ඉස්සරහට යන ගමන් චිත්‍ර කලාව තුළත් වැඩ කිරීමේ බලාපොරොත්තුවක් තමයි මට තියෙන්නෙ.

කොහොමද මේ සිතුවම්කාරියට මුහුණු පොතෙන් ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මුහුණුපොත හරහා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පෙන්සිල් ආට්ස්වලටත් වඩා ගොඩක්ම කොෆී ආට්ස්වලට තමයි වැඩි ප්‍රතිචාරයක් ලැබෙන්නෙ.

සිතුවම් නිර්මාණයට අමතරව තව මොනාද තියෙන හැකියාවන්?

සිතුවම් නිර්මාණයට අමතරව මට වයලින්, ගිටාර් Play කරන්න වගේම sing කරන්න පුලුවන්. තව මම චෙස් ක්‍රීඩිකාවක් විදියට කටයුතු කරනවා.

ඔයාගේ ගමනට උදව් කරපු අයවත් මතක් කරමු?

චිත්‍ර කලාව ඇතුළෙ වැඩ කරගෙන යද්දි ගොඩක් ප්‍රවීණයන් මට උදව් කළා. ඒ වගේම අම්මා තාත්තත් ලොකු සහයෝගයක් දුන්නා. ඒ අයව මම මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි.

By Samitha Lakshan

පහතින් දැක්වෙන්නේ ඇයගේ අපූරු සිතුවම් එකතුවක්…

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්