Oct
24

රසායනික පොහොරවලට ගොවියා හුරුකරවීමට, එදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට, දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

 
611 Views
   
 

ජනතාව සෞඛ්‍යය සම්පන්න නොවුණහොත් රටේ ආර්ථිකය පහළ මට්ටමකට ඇද වැටේ. එසේ නම් රටක ජනතාව සෞඛ්‍ය සම්පන්නවීම ඉතාම වැදගත්ය. දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතයේ ආදීනව ලෙස, මේ රට ජනතාව පිළිකාවලට ගොදුරු වීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇත. පැවැති තත්වයේ භයානකම පිළිබඳව, අවබෝධයෙන් යුතුව ජනාධිපතිවරයා පසුගිය මැතිවරණයේ දී, මෙරට රසායනික පොහොරවලින් තොර, කාබනික කෘෂිකර්ම වගාවක් සඳහා ගොවි ජනතාව දිරි ගන්වන බව, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබීය.
එවැනි දැඩි තීරණයක් ගැනීමෙන් පසු එය ක්‍රියාත්මක මට්ටමට ගෙන එනු විනා, ළිහිල් කිරීමට අවස්ථාව සැලසෙන තත්වයක් රට තුළ නිර්මාණය වීමට ඉඩදිය යුතු නැත. ජනතාවගේ විරෝධතා මූලික කරගෙන එවැනි ප්‍රතිපත්ති හකුලා ගැනීම සිදු කරතැයි කිසිවකු කල්පනා කරන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතිය යුතුය.

පොහොර සම්බන්ධ ඉතිහාසය නොදන්නා අයට කියන්නට කරුණු බොහෝ ඇත. රසායනික පොහොර මෙරටට හඳුන්වා දුන් කාලයේ ද සිදු වූයේ අද දවසේ රට තුළ සිදුවන මෙවැනිම තත්වයකි. ඔවුහු එදා කාබනික කෘෂි කර්මාන්තයෙන් බැහැරව රසායනික පොහොර කෘෂි වගාවට කැමැත්තක් දැක්වූයේ නැත. රසායනික පොහොර ගොවි ජනතාව වෙත හඳුන්වාදීමට ගොවියා පුහුණු කරවීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දශක ගණනාවක් ගත කිරීමට සිදුවිය. පැරණි ගොවියා ගොවිතැන සඳහා කාබනික පොහොර යොදා ගැනීමේ ඇති වටිනාකම පිළිබඳව නුවත්ව සිටියේය.

ඒ සඳහා ගොම, පිදුරු වැනි ස්වාභාවික දේ වියදමකින් තොරව භාවිතයට ගනු ලැබීය. කාබනික පොහොර කෘෂි කර්මාන්තයට යොමු වී සිටි අතීත ගොවි ජනතාවට රසායනික පොහොර භාවිතය සඳහා කෘෂිකර්ම නිලධාරින් මෙන්ම ව්‍යාප්ති නිළධාරීන් පැමිණ පන්ති පවත්වමින් දැනුවත් කළේය. අද පවතින දේශගුණික විපර්යාස ආදිය හේතුවෙන් කාබනික වගාවට ගොවි ජනතාව යොමු කිරීමේ අවශ්‍යතාව අනිවාර්ය වී ඇති අතර, නිෂ්පාදනය බිඳ නොවැටී කරගෙන යාමට ගොවිජනතාව කොටස් වශයෙන් දිරි ගැන්වීම කළ යුතුයි. (තිරුවණී විජේසිංහ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්