Dec
19

සෙල්ලම් කරමින් සිටියදී පය ලිස්සා ගොස් තොටිල්ලේ ගෙල සිරවීමෙන් සිව් හැවිරිදි දැරිය මිය යයි

 
1246 Views
   
 

සෙල්ලම් කිරීමට සකස්කර තිබූ තොටිල්ලක ගෙල සිරවී වවුනියාව,අන්නානගර් හි වයස අවුරුදු හතරක දැරියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ වවුනියාව , පූන්තෝට්ටම් , අන්නානගර් හි පදිංචි පරමේශ්වරන් අරුල්සිකා නැමති සිව් හැවිරිදි දැරියකි.

මියගිය දැරියගේ සොහොයුරිය නිදිකරවීම සඳහා මෙම තොටිල්ල මව විසින් සකස්කොට තිබී ඇත.

මෙම දැරිය දිනපතා තොටිල්ලට සිය බෝනික්කන් දමා සෙල්ලම් කරන බවත් පුටුවකට නැග තොටිල්ලේ එල්ලීමට උත්සහ කිරීමේදී පය ලිස්සාගොස් දැරියගේ ගෙල තොටිල්ලේ සිරවී මෙම අනතුර සිදුව ඇතිබවත් පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථවේ දැරියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටවගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ මව සිය බාල දියණිය ඇදේ නිදිකරවා මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිට ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

සෙල්ලම් කරමින් සිටි දරුවාගෙන් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් මව තොටිල්ල තිබූ ස්ථානය පරීක්ෂා කිරීමේදී දැරිය එහි සිරවී සිටින අයුරු දැක තිබේ.

අනතුරුව දැරිය ප්රදේශවාසියකු සමඟ වවුනියාව මහ රෝහල වෙත රැගෙනවිත් ඇති අතර අසාධ්ය තත්වයෙන්වූ දැරිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් ම ර ණ පරීක්ෂණ අද (19) වවුනියාව මහ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්