Sep
4

ගෝඨාගේ අළුත් පිබිදීම

 
564 Views
   
 

හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න ගත්තායින් පස්සේ විපක්ෂය සහ වෘත්තීය සමිති කාරයෝ ටික පට්ට විදියට කුලප්පු වෙලා ඉන්නේ. මේ අය දැන් කිය කියා ඇවිදිනවා ඒකාධිපති පාලනයක් ගේන්නලු යන්නේ කියලා තවත් සමහරක් කියනවා මිලිටරි පාලයක් කරන්නලු හදිසි නීතිය ක්‍රියාත්මක කරේ කියලා. හැබැයි ඔහොම කතා කියන උන්දැලා ආණ්ඩු කරන කාලෙත් හදිසි නීතිය ක්‍රියාත්මක කොරානේ? හදිසි නීතිය ඔච්චරම අවුල්නම් ඇයි එදා මේ උන්දැලා හදිසි නීතියට පක්ෂව කඩේ ගියේ? එහෙනම් විපක්ෂය දැන් ඔය කියන කතාවන්වල සත්‍යතාවය ඕක නෙමෙයි. හදිසි නීතිය ක්‍රියාත්මක කරේ ඒකාධිපතියෙක් වෙන්න නෙමෙයි රට ඉදිරියට ගෙනයන්න ඉඩ දෙන්නේ නැ තුව හැම එකටම ස්ට්‍රයික් කර කර කකුලෙන් අදින උන්ට රිදෙන්න පාඩමක් උගන්වලා රට මේ වැටිලා තියෙන ආගාධයෙන් ගොඩගන්න විතරයි.

මන් දැක්කා විපක්ෂ නායකවරයා කියනවා “පාරිභෝගික සේවා සම්බන්ධයෙන් සිද්ද වෙන දූ ෂණ වංචාවන්වල එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ලු 2003 පාරිභෝගික පනත හරහා” කියලා. ඉතින් ඕක මේ මනුස්සයා කියන්න ඕනියෑ? පොඩි ළමයෙක් උනත් දන්නවානේ පාරිභෝගික භාන්ඩ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පාරිභෝගික පනත හරහා පුලුවන් කියලා. හැබැයි ඒ පනත හරහා බෑ රටේ ඉදිරි ගමනට බාල්දිය පෙරලන්න කුමන්ත්‍රණ කරන අයවලුන්ගේ රස්සාවල් නැ ති කරන්නත්, රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් විදියට නම් කරන්නත්. එහෙනම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරේ මින් ඉදිරියටත් විපක්ෂය විසින් එක් එක් රාජ්‍ය ආයතනයන්වලට රිංගගෙන නටන්න සැළැසුම් කරලා තිබෙන නාටකයන් ගැන ජනාධිපතිතුමාට හොඳටම තේරිච්ච නිසයි.

පාරිභෝගික සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් විදියට නම් කරා වගේම නීතිය ක්‍රියාත්මක වන විදියත් සඳහන් කරලා ගැසට් එකක් ගැහුවානේ? මන් ඊයෙත් කිව්වා ජනාධිපතිතුමා ඔය වැඩේ ඔතනින් පටන්ගත්තට මොකද ඔතන්ට විතරක් මේ වැඩේ සීමා නොකර හැම රාජ්‍ය ආයතනයකටම ක්‍රියාත්මක කරවන්න කටයුතු කරයි කියලා. ඔන්න දැන් තවත් රාජ්‍ය ආයතන කීපයක්ම අත්‍යවශ්‍ය සේවාවන් විදියට නම් කරලා. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරපු සේවාවන්. වරාය අධිකාරියේ ඉටු කළ යුතු සියලුම සේවා. පෙට්‍රෝලියම් නිශ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලු ඉන්ධන සැපයුම් හා බෙදා හැරීම්. දුම්රිය දෙපාර්තුමේන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කරනු ලබන සියලුම පොදු සේවා සහ එම පොදු සේවාවන් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය නඩත්තු කඩයුතු හා මෙහෙයුම් කටයුතු. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි නිලධාරීන් , කෘෂි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ සියලු නිලධාරීන්ගේ සේවාවන්. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා. සෞඛ්‍ය සේවයට අදාළ සියලුම සේවාවන්. සතොස සහ සමූපාකාර කටයුතුවලට අදාළ සේවාවන්. පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු සේවාවන් මෙන්ම තැපැල් සේවාව.

දැන් තේරෙනවා නේද ජනාධිපතිතුමා මේ එන්න හදන්නේ කොතන්ටද කියලා? අත්‍යවශ්‍ය සේවාවන් විදියට නම් කරායින් පස්සේ ස්ට්‍රයික් කරානම් , තමන්ගේ රාජකාර්ය පැහැර හැරීයානම් , අවශ්‍ය අවස්ථාවන්වල වැඩට එන්නැතුව හිටියානම් ආයේ කිසි කතාවක් නැතුව රස්සාවෙන් අස් කරන්න පුලුවන්. එහෙනම් මීට පස්සේ ඔය ස්ට්‍රයික් සෙල්ලම් එහෙම ගොඩාක් දුරට අඩු වේවි. දැන් තේරෙනවානේ සජිත්ලා වගේ හාදයෝ ඇයි විරුද්ධව හදිසි නීතිය ක්‍රියාත්මක කරන එකට කියලා නේ?

හෝව් හෝව් මේ වෝනින් එක සැටලින් ගුරුවරුන්ටත් එක්කම වෙන්නත් පුලුවන් ඈ? දැන් පාසල් ටික වහලා තියෙන හින්දා ඔය සෙට් එකට පොඩි චාන්ස් එකක් දුන්නද දන්නෑ හැබැයි වැක්සින් ගැහිල්ල ඉවර කරලා ලබන මාසේ වෙද්දි රට සම්පූර්ණයෙන් ඇරියාට පස්සේ අධ්‍යාපන සේවය අත්‍යවශ්‍ය සේවාවක් විදියට නම් කරන්නත් බැරි නෑ හොඳේ? ඊටපස්සේ නම් තමන්ගේ රස්සාව බේර ගන්න එක තමන්ගේ අතේ ඔන්න. (මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්