Dec
3

පාන් ගෙඩියක මිල 70 යැයි චූන් පාන් රියදුරාට පහරදීලා – දෙදෙනාම රෝහලේ

 
4216 Views
   
 

බද්දේගම, වෑනියරවෙල පරදේශයේ ඉකුත් 30 දා උදෑසන වූන් පාන් අලෙවි ජංගම රථයකින් පාන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු සහ රථයේ හිමිකරු අතර ඇතිවූ ආරවුලකින් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ බද්දේගම, වෑනියරවෙල පරදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයකු සහ ජංගම අලෙවි රථයේ රියැදුරු වන බද්දේගම, දොඹගෙදරවත්ත පරදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

මෙදින පෙරවරුවේ අදාළ පුද්ගලයා පාන් මිලදී ගැනීම සඳහා ජංගම රථය නවතා පාන් ගෙඩි දෙකක් රැගෙන මුදල් ගෙවන අවස්ථාවේදී ගෙඩියක නව මිල රුපියල් 70 ක් යැයි පැවසු විට එම මුදල ගෙවීමට පරතික්ෂේප කළ අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම පහරදීමක් බවට පත්ව ඇත.

එහිදී දෙදෙනා අතර සිදුවූ පහරදීම් හේතුවෙන් දෙදෙනාම බරපතළ තුවාල ලබා බද්දේගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනාම වැඩිදුර පරතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ චූන් පාන් ජංගම අලෙවි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

වැලිවිටිය දිවිතුර – උපුල් මහේෂ්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්