Jul
23

මෙරටින් කොවිඩ් ම’රණ 4002ක් – ඩෙල්ඩා ප්‍රභේදයේත් වර්ධනයක්?

 
1552 Views
   
 

මෙරට සිදුවූ තවත් කොරෝනා ම’රණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4002ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු ම’රණ අතරට පිරිමි 26ක් සහ කාන්තාවන් 17ක් ඇතුලත්. අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4ක් සහ කාන්තාවන් 4දෙනෙකු මි’යගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 22ක් සහ කාන්තාවන් 13ක් ඊයේ තහවුරු කළ ම’රණ අතර වනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1310ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 292608ක් ලෙසටයි. මේ අතර, ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ඩෙල්ටා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කෝට්ටේ, කොලොන්නාව, අංගොඩ, නවගමුව, මහබාගේ, කටුනායක, මීගමුව, රත්මලාන, බේරුවල, ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවලින් ද ආසාදිතයන් හඳුනාගැනීමත් සමගයි. මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 953ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 265,708ක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්