Nov
11

ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම බලපාන බඩුමිල

 
1372 Views
   
 

කොවිඩ් ව්යාප්තියත් සමග මුළු ලොවම ආර්ථික අපහසුතා රාශියකට මුහුණ දීමට සිදුවී ඇත.ලෝක බඩු මිල සීග්රයෙන් ඉහළ යෑම සඳහා ප්රධාන වශයෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම, නිෂ්පාදන ධාරිතාව පහත වැටීම, ප්රවාහනය අඩාලවීම හා සැපයුම් ක්රියාදාමය අඩාල වීම යන සාධක බලපානු ලැබූ බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ. 1930 ගණන් වල ලෝකයේ පැවති ආර්ථික අර්බුදයට සමාන තත්ත්වයක් මේ වන විට දැකගත හැකිය.

මේ ලෝකයේ එක කලාපයකට , රාජ්යයකට බලපාන හුදෙකලා සිද්ධියක් නොවන අතර ලොව සෑම රටකට ම බලපානු ලබන පොදු තත්ත්වයක් වේ. ඇමරිකාව,ඉන්දියාව හා චීනයේ පවා සියලුම භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත, සේවා ගාස්තු ඉහළ අගයක් ගෙන ඇත. අමු ද්රව්ය සපයා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ලොව දැවැන්ත සමාගම් ගණනාවක නිෂ්පාදන ධාරිතාව පහළ ගොස් ඇත.

බිම හේතුවෙන් බොහෝ සමාගම් භාණ්ඩ මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මේ භාණ්ඩ ආනයනය කරන රටවල නියෝජිතයන්ට නැව් ගාස්තු දැරීමට හා බදු ගෙවීමට ද සිදු වේ. ඇතැම් රටවල් බදු අයකිරිම ඉහළ දමා ඇති අතර නැව් ගාස්තු ගෙවීම්ද වැඩි වීම හා නැව් ගමනාගමනය ප්රමාදවීම යන සාධක පිල කිසි ඇති භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ යන ආකාරයක් දක්වමින් ය. ශ්රී ලංකාව තුළ ද බඩු මිල ඉහළ ගොස් ඇත්තා මෙන්ම භාණ්ඩ ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ද දක්නට ඇත. ඒ අතර බඩු මිල ඉහළ යෑමට එරෙහිව විරෝධතා ද දක්නට ඇත.

ගෑස් ඒ සඳහා කදිම නිදසුනක් වේ. මේ අතර ඇතැම් පෝලිම් නිර්මාණය වී ඇත්තේ මහජනතාව තුළ ඇති අනියත බිය නිසාය. වර්ජනය හා විරෝධතා හේතුවෙන් රටේ බොහෝමයක් කටයුතු අඩාල වී ඇති බවක් පෙනේ. ධ්යාපනය කෘෂිකර්මාන්තය අතින් ප්රධාන තැනක් ගනී. අත්යාවශ්යය ආහාර සම්බන්ධයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල නියමය ඉවත් කර ගැනීමට රජය පසුගියදා පියවර ගත්හ.

නිදහස් වෙළඳපොල තුළ මිල පාලනය එතරම් ප්රායෝගික ක්රියාවක් නොවන බව පසුගිය මාස කිහිපය තුළ අපට හොදින් දැක ගැනීමට හැකිවිය. රජයේ මිල පාලනය කිරීමේ දී භාණ්ඩ හිමියන් හා සමාගම් විසින් සැපයුම දුර්වල කරනු ඇත. කෙසේ වෙතත් ඒ සඳහා මුහුණ දීමට සිදුවන්නේ පාරිභෝගිකයාට ය. රටෙහි සැපයුම් ජාලයම අඩාල වී ඇති මෙවන් අවස්ථාවක නැවතත් ආනයනය සුළු ප්රමාණයෙන් හෝ දිරි ගමත් කිරීම ද වැදගත් වේ. ආනයනය රජයේ ප්රතිපත්තියක් නොවූවද, තෝරාගත් භාණ්ඩ සම්බන්ධයෙන් වධානයක් යොමු කරන්නේ නම් ප්රායෝගික විසඳුමක් ලබාගැනීමට හැකි වනු ඇත. කොවිඩ් වසංගතය සමඟ සමස්ත ලෝකයම ආර්ථික ක්රියාවලිය දුර්වල විය.

ආහාර නිෂ්පාදනය පහත වැටීම, විරැකියාව ඉහළ යෑම උද්ධමනය හා ව්යාපාර වැසී යාම මෙම ආර්ථික අර්බුදය මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට බලපෑ හේතු සාධක විය. ඉදිරි වසර කිහිපය තුළ විරැකියාව සීඝ්රයෙන් ඉහළ යන බව විද්වතුන්ගේ මතය වේ. මෙම තත්ත්වය දුප්පත් රටවල් සඳහා වැඩි වශයෙන් බලපානු ලබන අතර මෙම අර්බුදයෙන් ගොඩ යෑම සඳහා සාමූහික ප්රයත්නයක යෙදීම අත්යාවශ්ය වේ. විරෝධතාවලින් හෝ වචනවලින් අර්බුදයට විසඳුම් සෙවිය නොහැක. ඒවායෙන් සිදු වන්නේ අර්බුදය තවදුරටත් උත්සන්න වීම පමණි. මෙම තත්ත්වයටත් වඩා අර්බුදකාරී අවස්ථාවන් වලය ශ්රී ලාංකිකයන් රටක් ලෙස එම අභියෝග ජයගත් අවස්ථා ඉතිහාසයේ ඇත. එවැනි අවස්ථා සැලකිල්ලට ගනිමින් සැවොම එක්ව මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම තුළින් මෙම අර්බුදයේ සඳහා සාර්ථකව මුහුණ දීමට අපට හැකි වනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්