Mar
22

9 වැනි විවාහ සංවත්සරය දා අභිෂේකා විමලවීර, සැමියාට දුන් ආදරණීය තෑග්ග මෙන්න

 
755 Views
   
After-a-while-Lahiru-makes-a-song-that-makes-fans-cry  

“රිදි රිදී”, “නිස්සාර”, “මතක” වැනි ජනප්‍රිය ගී ගැයූ ගායන ශිල්පිනි, අභිෂේකා විමලවීර, සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඉතින් ඒ නිසාම ඇයට ආදරය කරන රසික පිරිස් ද බොහෝම යි. මේ අතර, අභිෂේකා විමලවීර, ඇගෙත් සැමියාගෙත් නමවන විවාහ සංවත්සරය වෙනුවෙන් නවතම ගීතයක් එළිදැක්වීමට සුදානමින් සිටිනවා. “වැහි කවිය” නම් මේ ආදරණීය ගීතයේ පූර්ව ප්‍රචාරක පටය දැනටමත් අන්තර්ජාලයට නිකුත් කරලයි තියෙන්නේ.මේ ගැන කියමින්, අභිෂේකා ඇගේ මුහුණූ පොතට සටහනකුත් එක් කර තිබුණා.

වසර නමයක් මගේ නපුරුකම් ඉවසූ ඔහු වෙනුවෙන්.
මම අහස ලස්සනයි කියද්දි එයා කතා කරන්නෙ ග්‍රහලෝක ගැන. මම මුහුද ලස්සනයි කියද්දි එයා කියන්නෙ මුහුදු වතුරේ සංයුතිය ගැන.ඇත්තටම අපි දෙන්නා ඉරයි හදයි වගේ නොගැලපෙනම දෙන්නෙක්.ඒත් ඉතින් හද කොහොමද ඉර නැතුව ඉන්නේ? දෙන්නගෙම නොගැලපීම් දරාගෙන අපි දෙන්නම හුගක් දුර ඇවිත්.අවුරුදු නවයක් ගෙවිලා. ජීවිතේ බැදීම් අත්හරින්න,දාල යන්න ඔබටත් අනන්ත වාරයක් හිතිලා ඇති. දාල යන්නම හිතෙනකොටත් දාල නොයන කොට,දරා ගන්නම බැරි වෙන වෙලාවටත් දරා ගන්න කොට ආදරේ පර්වතයක් වෙනවා..
වැරදිලාවත් වැස්සකටවත් කවියක් නොලිව්වට ,ජීවිතේට ආපු මහා අනෝරා වැහි වලින් මාව තෙමෙන්න නොදී බේරගත්තේ එයා…
ඉතින් මේ මගේ “වැහි කවිය” මේ සින්දුව අහද්දි මුලින්ම මතක් වෙන ඔයාගෙ “වැහි කවිය” එක්ක බැදුණු සුන්දර මතක මේ සින්දුවත් එක්ක මුහු කරලා මට එවන්න. ලස්සනම FB/U TUBE/TIKTOK videos එවන පස්දෙනෙකුටකට මං දෙනවා ලස්සන තෑග්ගක්.ඔයාට පුලුවන් හැමදාම ඔයාව surprise කරන එයාට ඒ තෑග්ග දෙන්න. මෙන්න මේ ටික් ටොක් එකේ සවුන්ඩ් එක පාවිච්චි කරලා ඔයා ආදරේම කරන ඔයා ගාවින් නිතරම ඉන්න..ඔයාගෙ හැමදේටම උදව් දෙන අන්න එයා ගැන ලස්සනම ටික් ටොක් 5 අභි ගානේ තෑගි 5ක් ලෑස්ති කරලා තියනවා. ඉතින් මොකද තවත් බලාගෙන ඉන්නෙ…?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්